spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහනගර සභාවේ නිළධාරිණියකටත් රථගාය ! මසකට රු 75000 ක් නිකරුනේ වැය වෙයි ?

Must read

MC and jayaweeraමීගමුව මහනගර සභාවේ උසස් යැයි සැලකෙන පරිපාලන තනතුරු දරන අයවෙත පසුගිය කාලය තුල නිරන්තරයෙන්ම වැළදුන අති භායනක රෝගයක් විය.
එය මහනගර සභා සේවයකයන් විසින් හදුන්වාදි තිබුනේ රථගාය නමිනි.
මීගමුව මහනගර සභාවේ හිටුප කොමසාරිස්වරයා මේ අනුව නිළ වාහන දෙකක් භාවිතා කලේය. එකක් නිලගමන්වලටය.අනික පවුලේ ගමන්වලටය.
මේ නිසාම හිටපු නගරාධිපතිගේ වාහනය කොමසාරිස් පාලන ය තුල භාවිතයට යොදාගත්තා පමණක් නොව එහි නිත්‍ය රියදුරු ලෙසින් සිටි අයව ඉන් ඉවත්  කොට තමන්ට කැමැති වෙලාවකට එහෙ මෙහෙ යන්නට වෙනත් රියදුරෙකුද සේවයට බදවා ගන්නට කටයුතු කර තිබුණි.
දැන් රථගායට අදාලව දෙවන පැමිණිල්ලයි.
මෙකි නිලධාරිණිය වෙනුවෙන් වාහනයක් මහනගර සභාව තුල තිබියදි ඇය සිය පුද්ගලික රථයෙන් පැමිණ එයට මාසිකව රු 75000 ක මුදලක් මහජන බදුමුදල්වලින් ගනු ලබයි.
එපමණක් නොව මහනගර සභාවට පැමිණිමෙන් පසු ඇතැම් නිළගමන් යාම සදහා තවත් නිළරථයක්ද භාවිතා කරන බවට මේ වන විටත් ඇයට චෝදනා එල්ලවි තිබේ.
දේශපාලකයන්ගේ මජර වැඩවලට අත්දෙකම උස්සා ලියුම් අත්සන කරන ඇතැම් පරිපාලන තනතුරු දරන්නන් පෙරළා දේශපාලකයන් ලවා ස්න්තෝසම් ලබාගැනිමට ද කටයුතු සලසාගෙන සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article