spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද නව රජයක් පිහිටුවීමට සුදානමින් : කතානායක ජි.එල්! – චමල් බැහැ කියයි

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
මහමැතිවරණ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ වහාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් පිහිටුවීමට සූදානම් බව‍

අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු එබව කියා සිටියේ, සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ පැවසිය.

”ඡන්දයේ වටිනාකම අවබෝධ කරගෙන සිටින ජනතාව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දුයි. තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ  අවශ්‍යතාවයක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී හැටනව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරියේ දී පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය මගින් ක්‍රියාත්මක කරනවා. ආර්ථික අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම්. අපි මීට වඩා අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. ”

 

දක්ෂ ඇමතිවරු පත් කර ජනතා පැතුම් ඉටු කරනවා – ජනපති කියයි

gotabaya Rajapaksha

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ, පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් අතරින් දක්ෂ පිරිසක් ඇමැති මණ්ඩලයට පත්කර ජනතා අපේක්ෂා ඉටුකිරීමට තමන් සූදානම් බවයි.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍ය අවසන් කිරීමේ පුවත සැලකිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙම උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (අගෝ.04 ) පස්වරුවේ පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

”පසුගිය දිනවල මාසයක් පමණ මම ලංකාව පුරා සංචාරය කළා. විවිධ ආකාරයේ ජන කොටස් මුණගැහුණා. ඒ අයගේ අවශ්‍යතා දැනගන්න ලැබුණා. නිරවුල් ඉඩමක්, වගාවට සුදුසු බිමක්, ස්ථිර නිවසක් හදා ගැනීමට පහසුකම්, දූ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික පාසල්, පානීය ජලය වැනි ඉල්ලීම් තිබුණා. එම අවශ්‍යතා මම අනිවාර්යයෙන් ඉටු කරනවා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් අතරින් දක්ෂ පිරිසක් කැබිනට් එකට පත් කරලා වැඩ කරන්න මම සූදානම්. නැවත මේ ප්‍රශ්න අහන්න නොතබන රටක් මම ගොඩනගනවා.”

 

චමල් කතානායක ධුරය ප්‍රතික්ෂේප කරයි !

chamal GL

මේ අතර අද (05) පැවති මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවීම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් පෙරේරා (03) මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත්කර ඇත.

එහිදී යළිත් වරක් කතානායක ධුරය බාර ගන්නැයි පවුලේ හිතවතකු හරහා අගමැති මහින්ද රාජපක්ෂ සිය වැඩිමල් සොයුරු චමල් රාජපක්ෂ වෙතින් කළ ඉල්ලීම ඔහු විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇතැයි රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

” දැනටමත් රටේ ඉහලම තනතුරු දෙක දරන්නේ පවුලේ දෙන්නෙක්. මම කතානායක වුනොත් රටේ තුන් වැනි පුරවැසියා වෙන්නෙත් පවුලේ කෙනෙක්. මම හිතන්නේ එක එච්චර හොඳ තීරණයක් නෙමෙයි. මේ මම ඡන්දයකට එන අවසන් අවස්ථාව. ඉතිරි කාලයේ ගමට රටට වැඩක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් අරගෙන වැඩක් කරන්නැයි මම හිතාගෙන ඉන්නේ ” යයි අගමැතිවරයාගේ පණිවිඩය ගෙනා නියෝජිතයාට චමල් රාජපක්ෂ පවසා ඇතැයි ද වාර්තා වේ.

කතානායක ධුරයට පවුලට වඩාත් හිතවත්, විශ්වාසවන්තයකු අවශ්‍ය වේ නම් මහාචාර්ය ජී. එල්. පිරිස් ඊට සුදුසු ම අයකු බවට චමල් රාජපක්ෂ එහිදී යෝජනා කර ඇතැයි ද පැවසේ.

කෙසේවුවද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, චමල් රාජපක්ෂ වෙත කෘෂිකාර්මික අංශයට අදාල කැබිනට් අමාත්‍ය ධුරයක් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවයි.

බලතල සහිත ව්‍යාපෘති අමාත්‍ය ධුර !

එසේම, මෙවර පළමු අදියරේදී කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 26 කට සිමා කිරීමටත්, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනෙකුට අවස්ථාව ලබාදීමටත් සාකච්ජා වී ඇතැයි පැවසේ. එහෙත්, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය ධුරයක් නොගෙන එම අවස්ථාව පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකුට ලබාදීමට තීන්දු කර ඇතැයි නොනිල ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මෙවර තරුණ මන්ත්‍රීවරුන් රැසකට නිශ්චිත රාජ්‍ය ආයතන හා වගකීම් පවරමින් ව්‍යපෘති අමාත්‍යධුර ලබාදීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇතයි ද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article