spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න පෙළගැසෙන්නැයි සුදර්ශණි කළ ඉල්ලිම ඉටුවෙයි !

Must read

Screenshot from 2018-09-02 22-42-48(.9.00am ) ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතනයෙන් පසු දේශපාලනයට පිවිසි විශේෂඥ වෛද්‍යවරියක වු සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය අද රටේම කථාබහට ලක්වු ප්‍රකාශයක් සිදුකර තිබුණි.
ඒ පසුගිය 5 වෙනිදාට මහින්ද රාජපක්ෂ ගෙදර යැවිමට කටාන ජනයාට පෙළගැසෙන්නැයි කරන ලද ඉල්ලිමත් සමගින්ය.
නිමල් ලංසාලා සරත් ගුණරත්නලා යහපාලන රජය ගෙදර යවා 6 වෙනිදාට බලය අල්ලනවා  කියා නහුතයක් කෙබර අත බෑවද දැන් යථාර්ථයක් බවට පත්ව ඇත්තේ සුදර්ශණිට කට වැරදි හෝ එදා කළ ඉල්ලිමය.
5 වෙනිදා පැවති ජන බල මෙහෙයුම මුළුමනින්ම අසාර්ථක එකක් විය. වාසුදේව මන්ත්‍රිවරයා විසින් මාධ්‍යට පවසා තිබුණ අන්දමට 05 වනදා රාත්‍රිය වන විට ලේක් හවුස් වටරවුමේ සිට ඇත්තේ 2500 ක තරම් ජනතාවකි.හොරුන්ගේ රස්සාදුව

සිය සැමියාගේ අභාවයෙන් පසු අවස්ථාවාදි දේශපාලනය නිරත වන්නට සිදුවු හිටපු ඇමතිණිය මහින්ද රාජපක්ෂ පිළෙත් පසුව මෛත්‍රි පිළෙත් සිට ඇමති වරදාන ද ලැබ දැන් යළිත් මහින්ද පිළට හේතු වන්නට දැන් පෙරමුණ ගෙන ඇත.
මේ අවස්ථාවාදය කෙසේ වුවද සිය සැමියාට දේශපාලනයෙන් පමණක් නොව ජිවිතයෙන්ද සමුගන්නට හේතුවු රාජපක්ෂලාගේ දේශපාලනය හා යළිත් හාදවෙලා යමන් පනේ යැයි කියන්නට ඇයට සිදුව තිබේ.
එහෙත් ඇත්ත ඇත්ත නම් ඇය පෙනි සිටිය යුතුව ඇත්තේ රාජපක්ෂලාට එරෙහිවය.
දෛවයේ සරදමක් ලෙසින් අද පෙරවරුවේ කටානේදි සිදුව තිබුනේද එයය.
එනම් ඇය කට වැරදිමකින් හෝ මහින්ද රාජපක්ෂව ගෙදර යවන්නට එන්නට යැයි කටානේ ජනතාවගෙන් ඉල්ලා සිටිමය.
දෛවයේ සරදමක් ලෙසින්ම දැන් සුදර්ශණිට කටවැරදි හෝ කළ ඉල්ලිම පමණක් ඉහලින්ම ජයගෙන ඇත.එනම් මහින්ද රාජපක්ෂගේ ගමනක අවසානය දැන් ඇරඹි ඇති නිසාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article