spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද හදිස්සියේ ජපානයට – බුද්ධි අංශ සෝදිසියෙන්.

Must read

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජපනයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ මහතා සමග ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ ද ගොස් ඇති බව පැවසේ.

කෙසේවුවද, පෙර දැනුම්දීමකින් තොරව හිටපු ජනපතිවරයා විදෙස්ගතවීම සම්බන්ධයෙන් බුද්ධි අංශවලට සැක පහළවී ඇති බව මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

හිටපු ජනපතිවරයා එසේ විදෙස් සංචාරවලට සහභාගි වීමෙන් පසුව එම රටවල ජනතාව ලබාදුන් ආධාර ලංකාවට ගෙනඒම සාමාන්‍ය දෙයක් වන අතර අදාළ ආධාර හරහා එම රටවල ඔවුන් විසින් රාජපක්ෂ පාලන සමයේ තැන්පත් කළ ධනය රැගෙන එන්නේද යන සැකය හේතුවෙන් ආරක්ෂක අංශ මෙසේ සෝදිසියෙන් පසුවන බව පැවසේ.

එසේම, කළු සල්ලි සුදුකරන ව්‍යාපාරයක නිරතව සිටින බවට සැකකරන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා හිටපු ජනපතිවරයා හා ඔහුගේ පවුලේ අය මුණ ගැසෙන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට ද ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

රාජපක්ෂ මහතා ජපානයේ සංචාරයට එක්වීමට පෙර පසුගිය සති අන්තයේ ප්‍රකට සාස්තරකාරියක වන අනුරාධපුරයේ වෙසෙන ඥානම්මා නැමැත්තිය හමුවී විශාල පූජාවක් කළ බවද මේ අතර වාර්තා වේ

srilankamirror
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article