spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදියෙකුට එල්ල කළ තර්ජනය මිගමු පොලිසිය නොසලකා හරියි ? මැරයෝ තාමත් නිදැල්ලේ !

Must read

OIC and dayanපසුගියදා මිගමුවේ පෙරියමුල්ලේ දි සිදුවිමක් ආවරණය කිරිමට ගිය  මාධ්‍යවේදියෙකුගේ කැමරා බලෙන් ගත් මිගමුව මහනගර සභාවේ සේවකයන් පිරිසක් එහි සියලු ඡායාරූප මකා දමා තිබුණි.
මේ පිළිබදව මිගමුවට පොලිසියට පැමිණිලි 2 ක් පසුගිය 19 වනදා සිදුකර තිබුණි.
එහි පැමිණිලි විභාගය සදහා අදාල මාධ්‍යවේදින් පොලිසියට නියමිත වේලාවට ගියද නගරසභාවේ අදාල මැර සේවකයන් පැමිණ සිටියේ නැත.
පැමිණිලි විභාගයට පැමිණ සිටි මාධ්‍යවේදින් පැය එකාමාරක් බලා සිටියද අඩුම තරමින් අනික් පාර්ශය නොඑන බව හෝ ඒ පාර්ශවය පැමිණෙන්නේදැයි කියා විමසා සිටි බවක් හෝ දැනුම් දිමට කිසිදු උසස් පොලිස් නිළධාරියෙකු මැදිහත්වි තිබුනේ නැත.
ඒ මුළු කාලය පුරාම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා  නිල කාමරය තුල නගරාධිපති දයාන් ලංසා සමගින් දිර්ඝ කථා බහක නියැලි සිට ඇත.
පසුව නිල කාමරය ගිය මිපුර මාධ්‍යවේදින්  මුලස්ථාන පොලිස් පරික්ෂක වෙත දන්වා සිටියේ තමන්ටත් වැඩ රාජකාරි ඇති බවත් අදාල පාර්ශවය පැමිණ නැති බැවින් තමන් පොලිසියේ සටහන් තබා යන බව කියාය.
මෙහිදි මතු කළ යුතු එක් කරුණක් තිබේ. මාධ්‍යවේදියෙකුට තර්ජනය කළ නගර සභා සේවකයන් පිරිසව පැමිණිලි විභාගයට කැදවා ගැනිමට හෝ ඒ ගැන විමසිමට අදාල කිසිදු පොලිස් නිළධාරියෙකු මැදහත්වි නොවිම අද කැපිපෙනුණ  සිදුවිමයි.
එසේ වි නම් ඒ කව්රුන් හෝ විසින් ඔවුන් ඒ සදහා අවම තරමින් උත්සාහ ගත්තා යැයි හෝ කිව යුතුව තිබුණි.
රටට  යහපාලනය ගෙන ඒමට කැපවුණ මාධ්‍යවේදින්ට අද මිගමුවේ යමපාලනයෙන් බැටකන්නට සිදුව තිබියදි යහපාලන පොලිසියට සිය වගකිම නිසි ලෙසින් ඉටු නොකිරිම ගැන අදාල උසස් බළධාරින්ගේ අවධානය අනිවාර්යෙන්ම යොමු විය යුතු ව තිබේ.
මෙම අවස්ථාවට එක්ව සිටි නිදහසේ වේදිකාවේ කැදවුම් මණ්ඩල සාමජික බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ මහින්ද පොලිසිය පන්නා ගෙන ආ යහපාලන පොලිසියේදි ලොකු වෙනසක් නැතැයි මෙවැනි සිදුවිම් හරහා යළි යළිත් තහවුරු වන බවය.
ඡායා – නගරාධිපති මාධ්‍ය අංශය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article