spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍ය නිදහස ? යහපාලකයන් කළුද ? සුදුද ?

Must read

dav

පැවැති රාජපක්ෂ පාලනය මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනය කළේය. ලංකා ඉතිහාසය තුල මාධ්‍යයට එරෙහිව කුරුරු අමානුෂික පාලනයක් ගෙන ගිය එකම පාලකයා ලෙස මහින්ද රාජපක්ෂ දැන් ඉතිහාසයට එක්වි හමාරය.
ඔහු සැබැවින්ම කළු පාලකයෙකි.
මාධ්‍යවේදින් ඝාතනය කිරිම , මාධ්‍ය ආයතන ගිණි තැබිම ආදි රාජපක්ෂලාගේ ම්ලේච්චකම් වලින් පිරුණු එ සමය පිරිගොස් තිබුණි.
2009 ජනවාරි 08 වෙනිදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණි.
2010 ජනවාරි 24 වෙනිදා ප්‍රගිත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරුණි.
2006 ජනවාරි 24 වෙනිදා සුගිර්තරාජන් ඝාතනය කෙරුණි.
එබැවින් ජනවාරියද කළුය.IMG_8157IMG_8166
ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ට සාධාරණය ඉටුකිරිමට පොරොන්දු දුන්නේ යහපාලකයන්ය. ජනපති සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ලෙසින් 2014 දෙසැම්බර් 10 වෙනිදා පැවැති ජනමාධ්‍යවේදින්ගේ ජාතික සමුළුවකදි කියා සිටියේ තමන්ගේ පාලන සමයක් තුලිදි මාධ්‍යවේදින්ගේ ජිවිත ආරක්ෂාව තහවුරු කරන බවත් මාධ්‍ය නිදහස උපරිමයෙන් සුරකින බවත්ය.
එමෙන්ම 2015 දෙසැම්බර් 10 වෙනිදා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද මානව හිමිකම් සමරුවේදි මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ සේවකයන් 44 දෙනෙකුගේ නම් සදහන් ලේඛණයක් ලබා දි තිබුණ අතර ඒ මාධවේදින්ගේ ඝාතකයන්ට දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ පසුදා පාර්ලිමේන්තුවේදිද ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ගේ ලයිස්තුව ගැන සදහන් කර තිබුණි.පසුව එය පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙතද භාරදිමට එදා කටයුතු යෙදුණි.1
8875b4b816a9e6d3f3facbd704d718f7කෙසේ වෙතත් මෙසේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනාගෙන් 41 දෙනෙකුම දමිළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ය.
එහෙත් මේ එකදු දමිල මාධ්‍යවේදියෙකුගේ ඝාතන පරික්ෂණ තවමත් ක්‍රියාත්මක නැත.යහපාලකයන් බලයට පැමිණෙද්දි එදා යහපාලකයන් දුන් පොරොන්දු දැන් අමතකය.
ඝාතනය පරික්ෂණ සිංහල මාධ්‍යවේදින් තිදෙනාට පමණක් සිමා වි ඇති සෙයකි.
ඒවාද මන්දගාමිය.
එබැවින් මේ යහපාලනයන්ද සැබැවින්ම දැන් කළුය.
ඉතින් ඔවුන් සුදුවන්නේ කෙසේද ?
2006 ජනවාරි 5 වෙනිදා රාජපක්ෂලාගේ හමුදාව විසින් තරුණයන් 5 දෙනෙකු ත්‍රිකුණාමලයේදි ඝාතනය කළේය.
දකුණේ ජනමාධ්‍යයන් විසින් මේ ඝාතනය ගැන අතේ රෝල් ලියමින් හමුදාවට ගහන්නට ගෙනා අත්බෝම්බයක් පිපිරි යැමෙන් මේ සිසුන් ඝාතනය වු බව කිවේය.
එහෙත් එදා ත්‍රිකුණාමලයේ සිටි එක් ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදියෙකු දකුණේ අතේරෝල් මාධ්‍ය පචයන්ටද අභියෝග කරමින් මේ සිසුන් 5 දෙනා ඝාතනය වි ඇත්තේ වෙඩි තැබිමකින් බව ඡායාරූප සාක්ෂි සහිතවම ඔප්පු කර පෙන්වා දෙන ලදි .
සුගිර්තරාජන් නම් වු මේ මාධ්‍යවේදියාට මේ හෙළිදරව් කිරිම නිසාම 2006 ජනවාරි 24 වෙනිදා සිය ජිවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුවිය.
රාජපක්ෂලාගේ මිනිමරුවන් විසින් ඔහුව වෙඩිතබා ඝාතනය කර තිබුණි.
ජනපති සිරිසෙන දියත් කළ කුමන්ත්‍රණයේදි  ඒ මිනීමරු පාලකයාව යළිත් අගමැති කරන්නට යාමෙන් ඔහු කොතරම් කළු පාලකයෙකු දැයි රටටත් ලොවටත් පෙන්වා දි හමාරය.
දැන් සජිත් ප්‍රේමදාස වෙත පත්තර මල්මාලද ,මාධ්‍යවේදින්ගේ  ඉල්ලිම්ද ඉදිරිපත් වෙමින් ඇති සෙයකි.Screenshot from 2019-10-23 07:39:54
පෑන් වලින්ද මල්මලා තැණි තිබුණ බැව් පෙනේ.
දැන් යලිත් වරක් අභියෝගයකි.
සුුදුවෑන් නැති මාධ්‍ය නිදහස යම් පමණකින් සුරැකුණු සිව්වසරක් පිලිබද ඇගයුම් එසේම තිබියදි යළිත් වරක් මේ රට මිනිමරුන්ගේ දේශයක් කිරිමට කිසිලෙසකින් වත් ඉඩනොතැබිය යුතුය.
ඒ නිසාම මේ වන විට උතුරේත් නැගෙහිරත් මාධ්‍යවේදින් මාධ්‍යවේදින් ඝාතනයට ලක්වු සිය සගයන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් මිනිමරු පාලකයන්ට එරෙහිව පෙළගැසෙමින් සිටිති. එයට ශක්තිය දිම යුක්ති ගරුක සියළුම මාධ්‍යවේදින්ගේ අද දවසේ යුතුකමය. එහෙත් අවාසනාව වන්නේ දකුණේ බහුතරයක් මාධ්‍යවේදින්ට එය අමතකව ගොස් තිබිමය.සුන්දර පොරොන්දු වෙනුවෙන් පෑන් මල්මාලා පළදනාවන්ට එහා ගිය අරගලයක අවැසිතාව අද උතුරේ මාධ්‍යවේදින් රටටම කියමින් සිටිති.
jaffna protest 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article