spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාරිස්ටෙලා විදුහල ඉදිරිපිට ලයිට් කණු වල ලයිට් නෑ – මාස 6 කටත් වැඩියි?

Must read

DSC_0111(6.08pm)මීගමුව  මාරිස්ටෙලා   විදුහල  ඉදිරිපිට  කොප්පරා  හංදියේ  සිට   රෝහල  ආසන්න  ප්‍රදේශයේ   පහන් කණුවල පහන් දැල්වෙන්නේ නැත.  දැනට  මාස  6ක  පමණ  කාලයක් පුරා මේ ආසන්නයේ ඇති පහන්කණු වල පහන් දැල්වෙන්නේ නැත.   කාලයක්  පුරා මෙම බස්නැවතුම්පළ ආසන්නයේ රාත්‍රිය  අදුරේ පවතින අතර සමහර විදුලි  කණුවල  විදුලි  බල්බ  කඩා ඇත.  සමහර  ඒවායේ විදුලි  බුබුළු  කොහෙත්ම දක්නට   නැත.    මීගමුව  රෝහලට   එන,  යන  රෝගීන්,  පාසැල්  දරුවන්  ඇතුළු  සියළු  ජනයා  අපහසුවට  පත්වේ. එමෙන්ම මෙම ස්ථානයෙන් බසයක් එනතුරු සිටින කාන්තාවන් විශේෂයෙන් මෙම ස්ථානයේ ඇති අඳුර නිසා අනාරක්ෂිත තත්වයකට මුහුණපායි. මෙය  රාත්‍රි  යාමයේ  විවිධ   නීති විරෝධී  ක්‍රියාකාරකම්වල  යෙදෙන්නන්ට   නම්  කදිම   අවස්ථාවක්  විය  හැකිය.DSC_0114 DSC_0115 DSC_0109

දැන්  නගරාධිපති ,  නාගරික කොමසාරිස්   යනාදී  වශයෙන්  පාලකකාරකාදීන්  සිටි.  මෙසේ   මාස  6ක  පමණ  කාලයක්   නගරයේ  මෙවැනි  ප්‍රසිද්ධ  ස්ථානයක්  අදුරේ  පැවතීමට  හේතුව  කුමක්දැයි  කිසිවෙකු  නොදනී. බලධාරීන්ගේ   සහ  නිලධාරීන්ගේ  අවධානය  මේ  වෙත  මෙතෙක්  යොමුනොවීනම්  දැන්වත්  මෙහි  විදුලිය  පිළිසකර   කර  මේ  ප්‍රදේශයේ  අඳුර  දුරලන   ලෙස  සියළු  බලධාරීන්ගෙන්  අපි  ඉල්ලා  සිටිමු.

????????????????????????????????????

????????????????????????????????????

DSC_0109

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article