spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ ඩෙංගු කාර්ය මණ්ඩලය සුදු අලියෙක්ද?

Must read

(12.57pm) මීගමුව  රෝහලේ   ඩෙංගු   තත්වයක්   පැවති   පසුගිය  වකවානුව  තුළ   ඒ සඳහා සිටි  කාර්ය මණ්ඩලය  විශාල  කාර්්‍ය  භාරයක්  ඉටුකල  බව  අපි  දනිමු.  නමුත්  මේ  වනවිට   ඩෙංගු වසංගතයේ යම් අඩුවීමක් ඇති බැවින්  ඔවුන්ට  යම්කිසි  නිෂ්චිත  කාර්්‍යභාරයක්   නොමැතිව  සිටින  අතර  අනෙක්  අංශයන්හි  විශාල  වැඩ  ප්‍රමාණයක්  සිදුකිරීමට  එම  අංශවල  සේවය  කරන්නන්ට  සිදුව  ඇති  බව    වාර්තා වූයේ   මෙම  කරුණ  මත  කළකරීමට  පත්ව  සිටින  රෝහල්  සේවකයින්  ගෙන්මය.  ඩෙංගු වසංගතය නිසා මීගමුව රෝහලේ සේවක පුරප්පාඩුවක දැඩි අවශ්‍යතාවයක් මතුවූ අතර ඒ අවස්ථාවේදී  සෞඛ්‍ය සහායක, සහයිකාවන් ප්‍රමාණයක් රෝහලට බදවා ගත් අතර ඔවුන් මේ  වන විට ඩෙංගු ඒකකයේ සෙවය කරනු ලබයි. නමුත් මේ වනවිට ඔවුන්ට   නියමිත රාජකාරියක් නොමැති   අතර   රෝහලේ වැඩ අධික අංශ වලට මෙම සේවකයින්  අනුයුක්ත කළ හැකි බවට සේවකයින් පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් විමසීම සදහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරයා ඇමතු අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ  ”ඒක  බලධාරීන්  බලා ගනියි  ඔය ගොල්ලො  ඔයගොල්ලන්ගෙ  වැඩේ  බලාගන්න  කියාය. වෛද්‍ය අධිකාරිවරයාට අපට පවසන්නට ඇත්තේ   සුළු  සේවකයින්ගේ  සිට  සියළු  කාර්්‍ය  මණ්ඩල   නඩත්තු  වන්නේ  මහජන බදු මුදල් වලින්  බැවින්  අප නියෝජනය කරන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නිසාත් මෙම ප්‍රශ්නය මතුකිරීම අපට අයත් රාජකාරියක් බවයි. එබැවින් අධිකාරීවරයා ඇතුළු බලධාරීන් මේ ආකාරයට රජයේ රෝහලක රාජකාරියක් නැතිව  සිටින සේවකයින්ගේ රාජකාරිය  කළමනාකාරනය නොකිරීමෙන්  ඇතිවන  මහජන පීඩාව  පිළිබදව ඔබට කැක්කුමක් නැති වුවත් එය අපට ගැටළුවක් බවයි.
අනෙක් කාරණය මෙවැනි කාරණා සම්බන්ධයෙන් විමසීම සදහා  අපට රෝහලේ පරිපාලනය ඇමතීමට නිරන්තරයෙන් සිදුවන අතර  අධිකාරීවරයාට මාධ්‍යයේ වගකීම සම්බන්ධයෙන් වැරදි වැටහීමක සිටින බව අපට පෙනී යයි.එමෙන්ම සමහර අවස්ථා වල ඔහු පිළිතුරු දෙන ආකාරයත්,සංවාදය නවත්වන ආකාරයත් දෙස බැලූ විට පෙනී යන්නේ ඔහුට ඔහුගේ වෘත්තීය ආචාර ධර්ම ද අමතක වී ඇති බවයි.NGB-hospital-2-1024x768

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article