spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාළු වෙළඳ සැල් රටපුරා වැසි යද්දි මස්කඩ ටෙන්ඩරයක් ලක්ෂ 86 කට ගිය හැටි….

Must read

රට මුහුණ දි ඇති ව්‍යවසනකාරි කොරෝනා වසංගතය හමුවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව අති පෑලියගොඩ මාළු වෙළද හා බැදුන වෙනත් නගර වල මාළු අලෙවි සැල් දිනෙන් දින වසා දමමින් තිබේ.1603348521-Fish_L

මේ අතර මාළු මිළදි ගැනිමට මෙන්ම ආහාරයට ගැනිමටද ජනයා අතර කිසියම් බියක් වර්ධනය වෙමින් තිබේ.
සෞඛ්‍ය බලධාරින් මෙන්ම දේශපාලකයන්ද ඒ ගැන බිය නොවන ලෙස සමාජය දැනුවත් කරමින් සිටිති.

මේ අතර බලන්ගොඩ  නගරයේ ගවමස් කඩය 2021 වර්ෂය  සදහා රුපියල්  ලක්ෂ 86 කට ඉතාම ආසන්න මුදලකට (රුපියල් 85,99,900) අද  (27) දා  බලන්ගොඩ  නගරසභාවේ දි වෙන්දේසි වූ බව  බළන්ගොඩ  නගරසභාවේ සභාපති  චාමික ජයමිණි විමලසේන මහතා  පැවැසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

ටෙන්ඩර්කරුවන්  12 දෙනෙකු  විසින් බලන්ගොඩ  නගරයේ  පොදු වෙළෙදසලේ ඇති  ගවමස් කඩය සදහා විවෘත ටෙන්ඩර්  ඉල්ලුම්  පත්‍ර ඉදිරිපත්  කර  තිබුණ බව ඒ මහතා  පවසා ඇති බවද එහි සදහන්ය

එහිදී  වැඩිම ටෙන්ඩර්  මුදල ලෙස ඉදිරිපත්  කර  තිබු  85,99,900 ක මුදල  ඉදිරිපත්  කර තිබුණේ  ඇහැළියගොඩ ප්‍රදේශයේ  ව්‍යපාරිකයකුට  එම ගවමස්  වෙළදසල 2021  වර්ෂය සදහා  හිමි  වු බව සභාපති  වරයා කියා තිබේ

එය 2020  වර්ෂය සදහා ලක්ෂ 19 කට  ආසන්න මුදලකට  ටෙන්ඩර්  වි තිබුණි.
මේ පුවත සටහන් කරමින් සිටියදි ලැබුන ඇමැතුම මිගමුවේ ධිවර ව්‍යාපාරිකයෙකුගෙනි. ඔහුගෙන් කළ විමසිමකදි කියා සිටියේ මේ පසුබිම තුල ධිවර කර්මාන්තය බරපතල කඩන් වැටිමකට පත්විමට නියමිත බවය.
ලක්ෂ 19 ට ගිය වසරේ ගිය මස් කඩ ටෙන්ඩරය මෙවර  ලක්ෂ 86 ක් විමෙන් කියා පාන්නේද එය නොවේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article