spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේදි කාන්තා දිනය සමරමු හැටි ගැන අලුත් කථාවක්

Must read

අද අපි ලන්ච් ටයිම් එකේ කෑමත් අරගෙන ගියා මීගමුවෙ ඉන්න, වැඩ කරන කාන්තාවන්ට අපේ ගාණේ දවල් කෑම දෙන්න. සිකුරිටි ඇන්ටිලා, මාර්ගය පිරිසිදුව තියාගන්න උදේ දවල් මහන්සි වෙන ශක්තිමත් කාන්තාවන්, වීර පොලිස් නිළධාරිණියන්, තමන්ගෙම කියලා ස්වයං ව්යාපාරයක් කරගෙන යන දිරිමත් කාන්තාවන් වගේ ගොඩාක් පිරිසකට අද අපි පොඩි කෑම වේලක් දීලා අපේ ගෞරවය පුද කලා අපිට හැකි පමණින් 🏅
අපි කෑම දෙන්න යද්දි මේ හැමෝම වගේ බොහොම අහිංසක විදියට කියපු එක දෙයක් තිබ්බා, ඒ තමයි “ඊයෙනේ කාන්තා දිනය, දැන් කාන්තා දිනය ඉවරයිනෙ” කියන එක. අපි හිතලම ඊයේ නැතුව අද මේ වැඩේ කරන්න හිතුවෙත් අන්න ඒ පණිවිඩේ සමාජෙට දෙන්න හිතාගෙනමයි.
එතකොට අපි හිනාවෙලා ඒ හැමෝටම කිව්වා, “ඔයාලා වගේ කාන්තාවො එක දවසක් නෙමෙයි, හැමදාම සමරන්න ඕනෙ” කියලා 🌹
බත් එකට වඩා ඒකට හිතයි බඩයි දෙකම පිරුණා කියලා හිනාවලින්ම තේරුණා.
කාන්තාවන් සමරන්න, ඊයේ වගේම හැමදාමත් ❤️
උපුටා ගැනිම මිපුර වයිනීස් ෆේස් පිටුව
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article