spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ කුමන්ත්‍රණකාරින්ට පරාජය ?

Must read

tip-scales-justice-concept-finger-600w-1030612195දේශපාලනයේදි විය යුත්තේ  තමන් නිවරදි යැයි පිලිගන්නා මතය ජයගැනිම සදහා සමාජය පිලිගත් ආචාරධර්ම ක්‍රියාමාර්ග ඔස්සේ පමණක් මැදිහත්විම් කිරිමට කටයුතු කිරිමය.
ඒ හරහා පමණක් තම මතය ජයගැනිමට කටයුතු කළයුතුව තිබේ.එහෙත් අද දේශපාලනයට පිවිස ඇති බහුතරයක් කරමින් සිටින්නේ කුමන්ත්‍රණය.
තමන්ගේම දේශපාලන මිතුරාට එරෙහිව සතුරාගේ කරේ අතදාගෙන වෙට්ටු දමන අය අද බොහෝය.
අවාසනාවකට මිගමුවේ ප්‍රධාන දේශපාලන ධාරවන් දෙකේම සිටින්නේ මෙවැනි කකුල් මාට්ටු කාරයන්ය.
තම පිළේ සිටින දේශපාලන සගයාට හැකි සෑම ආකාරයකින්ම අඩම්තේට්ටම් කිරිම සම්බන්ධයෙන් ගත් කළ  මේ අමන සංස්කෘතිකය තුල ලංසා මෙන්ම කාවින්ද තකට තකය.
එහෙත් මේ කකුල් මාට්ටුකාරයන්ගේ අවසානය යනු එහෙම පිටින්ම ⁣බේදවාචකයකි.
අද අප මීගමුවේදි අත්දකිමින් සිටින්නේ ලංසාගේ ගේම් දේශපාලන විසින් ඔහුව හුදකලා කර ඇති තරමය.ගම්පහ දිස්ත්‍රික්කයේ රාජාට අදින්නට සිතා සිටි  ඔහු අද වැටි ඇත්තේ වෙනත් ආසනයකට යා ගතනොහැකි තරම් අර්බුදයකය.
කාවින්දද ⁣ඒ හා  සමානම ගමනාන්තයක් කරා යෑම දැන් නම් අනිවාර්යයකි.
දැනටමත් එය පෙන්නුම් කරමින් තිබේ.
තමන්ව මිගමුවට කැදවාගෙන ඒමට දර දිය ඇද්ද කළමණාකරු මෙන්ම ලේකම්වරයාද දැන් සිටින්නේ කාවින්ද ජයවර්ධනට එරෙහිවය.
එපමණක් නොව මේවාට ⁣ උඩගෙඩි දෙන පොලිසියද ඇතුළු නිලධාරි පැලැන්තිය සැබැවින්ම නන්නත්තාර විමට නියමිතය.විශේෂයෙන්ම කටාන පොලිසියේ ඇතැම් නිළධාරින්ගේ වෘත්තිමය නොවන යම් මැදිහත්විම් වෙනුවෙන් ඔවුන් වන්දි ගෙවිමට සිදුවනු නිසැකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article