spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ ජනයාට හිමිව තිබුනේ රු ලක්ෂ 26 ක වියළි සහන මලු පමණි. ලක්ෂ 54ක වියළි සහන මලු අස්ථානගතයි ?

Must read

dayan 100කොරෝනා අර්බුදයට ජනයාට බෙදිමට යැයි කියා මිගමු ජනයාගේ බදුමුදල් ලක්ෂ 80 කට ආසන්න මුදලක් වැයකරමින් වියළි සහනාධාර මිගමුව නගරාධිපතිවරයා විසින් මිළට ගෙන තිබුණි.
පසුව ඒවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට මලු 100 බැගිනුත් විපක්ෂයට මලු 50 බැගිනුත් වන සේ බෙදා දි තිබුණි. මේ එක මල්ලක වටිනාකම රු 500 ටත් අඩුය.,මේ අනුව මිගමුවේ ජනයාට බෙදිමට යැයි කියා මෙසේ ලබාදුන් වියලි සහන මලු වල දළ වටිනාකම රු ලක්ෂ 26 ක පමණ ප්‍රමාණයක් විය හැකි බවට සරලව අනුමාන කළ හැක.
දැනට වාර්තා වි තිබෙන අන්දමට විනිවිදභාවයකින් යුතුව සියලු නාගරික මන්ත්‍රිවරුන් හට ලක්ෂ 26 කට ආසන්න මුදල් අගයකින් යුතු සහන මලු ලැබි තිබුණි.එහෙත් මේ වෙනුවෙන් වැය කෙරුන මුදල ලක්ෂ 80 කට ආසන්නය.
මේ අනුව ලක්ෂ 54 කට ආසන්න වියලි සහන මලු ප්‍රමාණයක් අස්ථාන ගතව තිබේ.එසේ කිමට සිදුව ඇත්තේ ඉතිරියට සිදුව ඇති දේ පිළිබදව මිගමුවේ මහජන නියෝජිතයන් වන නාගරික මන්ත්‍රිවරුන් පවා නොදන්නා නිසාය.
සැබැවින්ම ඒවාට සිදුවුයේ කුමක්ද ?
.අරුමය වන්නේ මේ මහදවල් හොරකම් ගැන ප්‍රශ්ණ කරන්නට මිගමුට කොන්ද පණ ඇති විපක්ෂයක් නොසිටිමය.
ඡායා- නගරාධිපති මාධ්‍ය අංශය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article