spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ මහනගර සභාවේ Mr. 5% කව්ද?

Must read

මිගමුව මහනගර සභාව යනු ලංකාවේ අංක එකේ අන්ත දූෂිතම නගර සභාව යැයි කියා සිටි⁣යහොත් එය කිසිසේත්ම අතිශයෝක්තියක් නම් නොවේ.මිගමු මහනගර සභාවේ රු කෝ 7ක් වු ස්ථාවර තැන්පතුව පවා සිය ඇමති සහෝදරයාගේ ඡන්ද දේශපාලනය වෙනුවෙන් කාබාසිනියා කළ නගරාධිපතිවරයෙක් යටතේ මිගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් වලට දෙවියන්ගේම පිහිටය.

මේ දිනවල මිගමුව මහනගර සභාවේ අන්ත දුෂිත ටෙන්ඩර් ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක බව වාර්තාවේ.මේ සියලු ගණුදෙනු වලදි 5%ක කොමිස් මුදලක් දේශපාලන අධිකාරිය විසින් ලබාගන්නා බව ප්‍රසිද්ධ රහසකි.මේ කුප්‍රකට ටෙන්ඩර් ගණුදෙණුවලදි අඩුම ටෙන්ඩර් ලංසු කරුවන් පසෙක තබා වැඩිලංසුකරුවන් තෝරාගැනිම සදහා මුල්වි ක්‍රියාකරන්නේ අම්පාරේ සිට පැමිණි මිගමු මහනගර සභාවෙන් රු කෝටි ගණන් හම්බකරගෙන සිටින තාක්ෂණික නිළධාරීයා විසිනි.මේ ටෙන්ඩර් ගණුදෙනු කොයිතරම් නම් දූෂිත දැයි කියන්නේ නම් නගර සභාවට අවැසි ජෙනරේටරයක් ලබාගැනිමේ ටෙන්ඩර් කමිටුවෙන් මහනගර සභාවේ නාගරික ලේකම්වරයා පවා අස්වි ඇත්තේ ඒ තරම් දුෂිත ටෙන්ඩර් ක්‍රියාවලියකට තමන්ට සම්බන්ධ විමට නොහැකි නිසා විය යුතුය.

එපමණක් නොව ඇතැම් ටෙන්ඩර් වලදි රාජ්‍ය නිලධාරින් පවා සිය අකමැත්ත පෙන්වා දි තිබියදි නගරාධිපති වරයා විසින් ආවරණ අනුමැතියට යටත් මේ දූෂිත ගණුදෙනු අනුමත කරගෙන තිබේ.

පුස්තකාල ගොඩනැගිල්ලේ ටෙන්ඩරය මෙයට කදිම නිදසුනකි.මේ සියළු ගණුදෙනු වල 5% කොමිස් එජන්තයා වෙනින් කව්රුත් නොව අම්පාරෙන් පැමිණ කෝටිපතියෙකු වු නිලධාරියෙකි.සිය හාම්පුතාලා⁣ට කොමිස් කෝටි ගණනින් එක්රැස් කරදෙන මේ පිම්පි ⁣රාජ්‍ය නිළධාරීන් ගැන විපක්ෂය මීක් නොකියති.

එජාප ආසන සංවිධායක බෙන්ජමින්ලාටද මේ ගණුදෙනු වලදි ගතමනාව බෙදාදිමට මේ දේශපාලන අධිකාරිය හැමදාම වගබලා ගත් බවද ප්‍රසිද්ධය.ඒ නිසාම බෙන්ජමින්ලාට පසුගිය දිනවල අතදිගහැර හම්බකරගැනිමට කාණු සහ පාරවල් වල ටෙන්ඩර් ලැබුනේ ඒ නිසාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article