spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

HQI වුඩ්ලර් මහතා මිගමුවෙන් කොළඹට ගියේ ඇයි ?

Must read

මිගමුවේ මූලස්ථාන පොලිස් පරික්ෂක ලෙසින් වසර 4 කටත් වැඩි කාලයක් සේවය කළ වුඩ්ලර් මහතා සිය කැමැත්තෙන්ම මේ වන වන විට කොළඹ පොලිස් මූලස්ථානයට මාරුවි යාමට කටයුතු කර තිබේ.
ඒහිදි ඔහුගේ සේවය පොලිස් මාධ්‍ය ඒකකයටද ලැබෙනු ඇතැයි සැලය.


කෙසේ වෙතත් මිගමුව තුල ඔහු සිය සේවා කාලය තුලදි විශේෂයෙන්ම දරුවන්ගේ යහමගට ගැනිම , ගම්පුරා පැතිර ගිය මත්උවදුර පාලනය කිරිමට ප්‍රජා නායකයන් හා නිලධාරින් සමගින් අවංක මැදිහත්විමක් කළ බව මිපුර වෙබ් අඩවියේ අප ඉතා හොදින්ම දනිමු.
පොලිස් පොතේ නිව්ස ප්‍රවෘත්ති බවට පත්කිරිම අපේ මාධ්‍ය කලාව නොවු පසුබිමක මිගමුව පොලිසිය සමගින් ඒතරම් සමිප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනිමට අප කටයුතු නොකළද මිගමුව පොලිසිය විසින් විශේෂයෙන්ම වුඩ්ලර් මහතා මැදිහත්ව ක්‍රියාත්මක වු සුවිශේෂ කාර්යයන් වලදි අවශ්‍ය උපරිම සහය ලබාදිමට අප කටයුතු කලෙමු.


වුඩ්ලර් මහතාගේ සේවා කාලය තුලදි ඔහු විසින් මිගමුවේදි කරන්නට යෙදුන සුවිශේෂිම දායකත්වය යැයි අප විශ්වාස කරන්නේ පුංචි රෝමය තුල පාකිස්ථානු සරණාගතයන්ට විවිධ හිරිහැර කිරිම ඇතැම් අනමනයන් කටයුතු කරමින් සිටි පසුබිමකදි ඒ් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සපයමින් සිය මිගමුව පොලිසිය තුලට ඒ් අයට රැකවරණය දිමට කටයුතු කර තිබිමය.,
ඔහුගේ මෙම සුවිශේෂි මැදිහත්විම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකවරිය වන හනා සිංගර් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට‌ තිබුණි.

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු නැවතත් අවතැන් වූ ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදෙස් රටවල සරණාගතයන්ට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වූඩ්ලර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ඇගයීමකට ලක් වී තිබේ.මෙම සරණාගතයන් තාවකාලිකාව නවාතැන් ගෙන සිටි නිවාසවලින් ඔවුන් පලවාහරින්නට නිවෙස් හිමියන් කටයුතු කළ අවස්ථාවේදී යන එන මං නොමැතිව සිටි මෙම ජනතාවට පුරා සති හයක් ම රැකවරණ ලබා දී තිබෙන්නේ මීගමුව පොලිස් ස්ථානයේ සීමිත ඉඩකඩ තුළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකවරිය වන හනා සිංගර් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පසුගිය මැයි 31දාතමින් නිකුත් කරන ලද ඇගයීමේ ලිපියේ සඳහන් තිබේ.

අගෝස්තු 16දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හනා සිංගර් ට්විටර් පවසන්නේ මෙසේයි: “Every day in #lka I meet so many inspiring individuals whose #compassion, resolve, sense-of-duty, passion to serve, knows no bounds. Chief INSP Wootler is one such person, offering shelter at the Negombo Police Station to asylum-seekers & #refugees who had nowhere else to go.” (ශ්‍රී ලංකාවේදී මට හැමදාම බොහෝ ප්‍රබෝධය ඇති කරන පුද්ගලයන් හමු වෙනවා. ඔවුන්ගේ සහකම්පනය, අධිෂ්ඨානය, වගකීම්සහගතබව, සේවයට ඇති අනුරාගය සීමාවන්ගෙන් තොරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂක වූඩ්ලර් එවැනි පුද්ගලයෙක්. යන්නට අතක් නොමැතිව සිටි සරණාගතයන්ට ඔහු මීගමුව පොලිසියේ රැකවරණ සැපයුවා.)( උපුටා ගැනිම- praja.lk)


ඒ් වෙනුවෙන් එක්සත් ජාතින් සරණාගත කොමිසමේ ඉහලම නිළධාරිණියකගේ ඉහලම පැසසුමකටද වුඩ්ලර් මහතා ලක්ව තිබුණේ ඒ් අකාරයෙනි
කලු සල්ලි රජ පවුලක් විසින් පාලනය කරන මිගමුව තුල ප්‍රතිපත්ති ගරුක රාජ්‍ය නිලධාරින්ට සිය සේවය නිසි ලෙසින් කරගෙන යාමට නොහැක.


ඒසේ කළ හැක්කේ කලු සල්ලි පවුලේ ඔ්නැ එපා කම් නිල කබාය බල්ලාට දමා හිරිකිත ලෙසින් කටයුතු කරගෙන යන අයට පමණි.මිගමුවේදි ඇතැම් පොලිස් ලොක්කන්ද පජාත වෙමින් කලු සල්ලි රජවරුන්ගේ සුවච කිකරු ගෝලයන් වු පසුබිමක වුඩ්ලර් ලා වැනි උගත් පොලිස් නිලධාරින්ට නිසි තැන නොලැබිම අමුතුවෙන් කියන්නට කරුණක් නොවේ.


මිපුර අපි ඔහුව හදුනාගන්නේ ඔහු යාපනයේ සේවය කරන කාලය තුලය. පසුව ඔහු යාපෙන් මාධ්‍යවේදින්ගේද සමිප මිතුරෙකු බවට පත්ව තිබුණි.
උගත්කමත්, මනා පෞරෂයකුත් හෙබි වුඩ්ලර් ලා වැනි නිලධාරින්ට යන තැන කොතන වුවත් නිදහස ඇති නම් ඔවුන් වැඩ පෙන්වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article