spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ ලෙල්ලම් පාලුවට යයි ? සමස්ත ධිවර කර්මාන්තයම අර්බුදයක ?

Must read

IMG_20200415_063023IMG_20200415_063032( 8.30 pm ) මීගමුව යනු රටේ ප්‍රධානතම ධිවර නගරයකි. මිගමුවේ පිහිටි ලෙල්ලම් මෙහි හදවතයි. රට සාමාන්‍ය තත්වයෙන් පැවතෙද්දි අලුයම් කාලයේ සිට මීගමුවේ ප්‍රධාන ලෙල්ලමේ 3 ක් මංකුලිය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක විය.
මේ එක්ක ලෙල්ලමක් බලයා ටුනා ඇතුළු ලොකු මාළුන් අලෙවියටත් , අනෙක් ලෙල්ලම පිටපළාත්වලින් ගෙන එන මාළු ප්‍රධාන වශයෙන්ම අලෙවිය සදහාත් ක්‍රියාත්මක වු අතර තවත් කුඩා ලෙල්ලමක් කලපුවෙන් සහ මුහුදෙන් අල්ලනු ලබන කුඩා මසුන් අලෙවිය සදහා ක්‍රියාත්මකව පැවැතිණි.
එහෙත් අද ඒ සියල්ල අකර්මන්‍ය වි ඇත.
රටේ ජනතාවගේ ප්‍රෝටින් අවශ්‍යතාවයෙන් 60 % ක්ම සපුරාලනු ලබන්නේ මාළු ආහාරය ගැනිම තුලිනි.මේ අනුව ජනයා අතරට මාළු යැවිමට නිසි වැඩපිළිවෙලක් සකසා ලිම යනු එය සැබැවින් අවශ්‍යම වු දෙයක් ව පවති.
මේ දිනවල උතුරේ මෙන්ම නැගෙනහිරද මසුන් බහුලව අහුවෙන කාලයයි. නිදසුනක් ලෙස අද නායාරු මුලතිව් පැතිවල කුඩා බෝට්ටු සදහා විශාල වශයෙන් සාලයා මසුන් හසුව තිබුණි.FB_IMG_1587134410714FB_IMG_1587134403606

 

එමෙන්ම ඒ ප්‍රදේශවලම ඊයේ දිනයේ පියාමැස්සන් බහුල ලෙස ධිවරයන්ගේ දැල්වලට හසුව තිබුණ බව වාර්ථා විය.
එහෙත් ඒ මසුන් එදා මෙන්ම මිගමුව කරා ගෙනඒමට දැන් විධිමත් වැඩපිළිවෙලක් සැකසි නැත්තේ ඒකි සැපයුම අලෙවි කිරිමට  මිළට ගන්නන් පිලිබදව ගැටළුවක් දැන් මිගමුවේ ලෙල්ලම තුල මතුව ඇති බැවිනි.
ඇදිරි නිතිය නිසා වෙනදා මෙන් මාලු මිළට ගැනිමට පැමිණෙන  තොග ගැනුම් කරුවන්ගේ ප්‍රමාණය බෙහෙවින්ම අඩුවි තිබේ.
මේනිසාම විශාල තොග වශයෙන් උතුරෙන් සහ නැගෙනහිරින් මාළු මිළට ගැනිමට මෙහි ව්‍යාපාරිකයෝ මැලි කමක් දක්වති. මේ පසුබිම තුල ලැබෙන සුළු සැපයුම තුල හැමවිටම පවතින්නේ ඉහල මිළකි.නිදහසුනක් ලෙසින් අද සාලයා කිලෝවක තොග මිළ රු 280 පමණ පිටිපන දුව ලෙල්ලමේ පැවැතිණි.වෙනදා නම් නයාරු ,මුලතිව් ,කෝකිලායි යන ප්‍රදේශවල බහුල වශයෙන් මසුන් අසුවනන විට මිගමුවේ ලෙල්ලම් වලද මිළද අඩු අගයක පැවැතිණි.
කෙසේ වෙතත් මේ යථාර්ථය විසින් කියා සිටිනුයේ ධිවරයන්ට මුහුදු යන්නට මෙන්ම මසුන් ප්‍රවාහනයට රජය අවසර දි තිබුණද අලෙවිය සදහා පවතින යථාර්ථය තුල නිසි විසදුමක් ලබානොදිම නිසා දැවැන්ත් අර්බුදයක් දැනටමත් ධිවර කර්මාන්තය තුල නිර්මාණය වි  ඇති බවය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article