spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රු 5000 සහන අයදුම් පත මීගමුව කුඩාපාඩුවේ පිරිසක් මුදලටත් විකුණලා ?

Must read

Bribe-for-Passport-Police-Verification-1024x682( 7.30 pm ) දුප්පතුන්ට සහන සැලැසිම රජය විසින් කලින් යෝජනා කරන ලද වැඩපිළිවෙල පසුව එහෙම පිටින්ම වෙනස් කොට දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කිරිම හේතුකොට ගෙන විවිධ අක්‍රමිකතා මිගමුවේ සිදුවෙන්නට පටන් ගෙනය.
මේ පිලිබද දැනටමත් ජනතාව විවිධ චෝදනා නගන අතර අප වෙත දන්වා සිටි අලුත්ම මගඩිය වන්නේ 73/ ඒ කුඩාපාඩුව ග්‍රාම නිළධාරි කොට්ටශයේ දයාන් ලංසාගේ ආධාරකරුවෙකු යැයි කියා ගන්නා අයෙකු සහ රජයේ  නිළධාරිණියකද එක්ව මේ එක් අයදුම්පත් මුදල් වලට විකිණිමට පටන් ගෙන තිබිමයි.
ඇතැම් මන්ත්‍රිවරු තම මුද්‍රාව තබා ඒ මුද්‍රාව නැති අයදුම් පත්වලට සහන ලැබෙන්නේ නැතැයි කියමින් ජනයා මුලා කරමින් සිටිති.මෙයට අමතර පෙරියමුල්ල කොට්ටාශය නියෝජනය කරන නියෝජ්‍ය නගරාධිපතිධුරයද දරන ෆරිස් නැමැත්තා වෙනත් අයගේ කොට්ටාශවලටද ගොස් ඒවායේ සිටින මුස්ලිම් ජනයා වෙත තමන්ගේ මුද්‍රාව සහිත අයදුම් පත්‍ර බෙදිමට පටන් ගෙන ඇති බවද සැලය.
මේ ආකාරයෙන් දුප්පතුන්ගේ සහනාධාර අයදුම් පත්‍රය මත දැන් දේශපාලකයන් සහ ඔවුන් ආධාරකරුවන් පිණුම් ගසන්නට පටන් ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article