spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු නගරාධිපතිට නත්තල් කඩවල් වලින් හම්බකරගන්න ඉඩ දුන්නේ ජනපති ගෝඨාභයද ?

Must read

දායන් ගෝඨා2019 වසර සදහා නත්තල් කඩ දමා ගැනිම සදහා බිම්කඩවල් බදු දිම සිදුකර තිබුනේ නැත. ඒ වෙනුවෙන් අතයට ගණුදෙනුවලට නගරාධිපතිට සමිප අයවලුන් විසින් විශාල මුදලකට වර්ග අඩියක් අලෙවි කරන ලද බව අප විසින් හෙළිකළෙමු.IMG-20191210-WA0019
ඉන් අනතුරුව ක්‍රියාත්මක වු නගරාධිපති දයාන් ලංසා ඔහුට සමිප තවත් පිරිසක් කැදවා වර්ග අඩියක බිම් කඩක් රු 200 බැගින් ලබාදිමට පියවර ගෙන තිබුනේ එය නගරාධිපති විසින් නිතියට අනුව සිදුකර  ඇති බව පෙන්වාදිමට විය යුතුය.
මේ අනුව රු 200 බැගින් වර්ග අඩියක බිමක් කඩක් ගත් මේ පිරිස ඊට වඩා වැඩිමිළකට වෙනත් වෙළදුන් හට දැන් අලෙවි කරමින් තිබෙන බවද කියැවේ.
කෙසේ වෙතත් මහසභාවේ අනුමැතියකින් තොරව නගරාධිපතිවරයාට හිතුමතේ මේ බිම්කඩවල් අලෙවි කළ නොහැකි බව මීපුර අමතා කථා කළ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටියේ නත්තල් කඩ සදහා බිම්කුලියට ලබාදිමට කිසිදු තින්දුවක් මහසභාවකදි නම් නොගත් බවය.
තතු එසේ නම් නීතියට පිටින් ගොස් සල්ලි හමබ්කරග්නට යැයි නගරාධිපති දයාන් ලංසාට උපදසේ දුන්නේ ජනපති ගෝඨාබය රාජපක්ෂදැයි අපට දැන් අසන්නට සිදුව තිබේ.
ඒ මන්දයත් නව ජනපතිවරයා පළාත් පාලන ආයතන වල කිසිදු දුෂණයක් සිදුවන්නට ඉඩනොදෙන බව අවස්ථා ගණනාවකදි අවධාරණය කර  තිබියදි මීගමුවේ ඒවා සිදුවන්නේ ඇයිදැයි පොහොට්ටු සමාජිකයන්ම දැන් අසා සිටින බැවිනි.
මේ සියළු අයථා ගණුදෙනු පිළිබදව ඉදිරියේදි නව ආණ්ඩුකාරවරියටද ඉදිරිපත් කිරිමට පුරවැසියන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද වාර්ථාවේ.
වියත්මග සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිණියක වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙවෙල දැනටමත් පළාත් පාලන ආයතනවල දුෂිත කටයුතු ගැන අවධානයෙන් සිටින බවද ඇයට සමිප ආරාංචි මාර්ග දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article