( 4.00 pm ) මීගමුව ප්‍රධාන බස් නැවතුම්පළේ පළමු මහලේ, මීගමුව මහ නගර සභාවට අයත් ප්‍රදේශයේ කියවීම් ශාලාවක් පිහිටුවන ලෙස පුරවැසි යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
නගර මධ්‍යයේ පහසුකම් සහිත පුස්තකාලයක් අවශ්‍ය බවත්, එය ප්‍රදේශවාසීන්ට, බාහිර පන්තිවලට යන සිසුන්ට විවේක කාලයේදී අධ්‍යයනය කිරීමට, සහ දරුවන් සමඟ එන දෙමාපියන්ට භාවිතා කළ හැකි වන ලෙස සැලසුම් කළ යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කෙරේ.
එමෙන්ම පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත තොරතුරු ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙය සැකසිය යුතු බවට ද යෝජනාවේ සඳහන් ය.
සුජායිල් මුනියර්











