මිගමු මහනගර සභාවේ RO කෙනෙක් ලංසාගේ බිච් පාක් කොම්පැණියේ අධ්‍යක්ෂකවරයෙක් හැටියටත් හිටියලුද ?

0
99

බිච්පාක් එකේ ටෙන්ඩරය අරන් ඉන්න නිමල් ලංසාගේ කොම්පැණියෙ අධ්‍යක්ෂකවරයෙක් හැටියට හිටපු කෙනෙක් මිගමු මහනගර සභාවේ RO කෙනෙක් කියල කියන්නේ ඇත්තද?

ලංසා පවුලට ලේ ඥාති සම්බන්ධයකුත් තියෙනව කියන මේ ආදායම් නිලධාරිය එදා ඉදන් අද වෙනකම් කා⁣ට සේවය කරනව කියල මාලිමාවේ දේශපාලන මහත්තුරු හිතන් ඉන්නේ
ලංසලගේ පවුල් පාලනය පෙරලල දාල රැල්ලට පත්වුන මාලිමාවට බැරිවුනා බිච් පාක් එක ලංසා පවුලෙන් ගලවල ආයේ මහනගර සභා පාලනය යටතට ගන්න.

ඡන්දවලට කලින් අපේ මිත්‍රයා මහින්ද ජයසිංහ ලංසලට විරුද්ධව කොහොමද ටොක් ඉෂු කලේ.
මහනගර සභාව ජයගත්තද පස්සෙ මොකද කිව්වේ බිච් පුලුවන් තරම් ඉක්මනට අපි ගන්නව කියල

දැන් මොකද.වෙලා තියෙන්නේ මහින්ද ජයසිංහලට වෙලා තියෙන්නේ දැන් අර ගල උඩ කැතකරපු බළලට වෙච්ච දේ වගේ.වැඩක් .
නගර සභාවේ දේපල පාලනය සම්බන්ධයෙන් පත් කරපු කමිටුවෙ හිටපු මාලිමා නාගරික මන්ත්‍රි කෙනෙක් ඒ දවස් වල එයාගේ ෆේස් බුක් එකේ දාල තිබුනේ හරියට අද හෙට බිච් පාක් එක අපි ගන්නව වගේ කතාවක්.
ඇමති මහින්ද ජයසිංහත් කියල තිබුනේ එහෙම තමයි.
හැබැයි මේක නැවත මහනගර සභාව⁣ට පවර ගන්න බැහැලම වැඩකරපු කෙනා තමයි හිටපු නාගරික කොමසාරිස්වරිය .හැබැයි හිටි හැටියෙම එයාට මාරුවක් එනව.වැඩේ අතර මග නවතිනව.නාගරික කොමසාරිස්තුමියව මාරුකරපු එක පිටපස්සේ ඇත්තටම උන්නේ කව්ද කියන එක මිගමුට නම් දැන් ප්‍රසිද්ධ රහසක්.
ඊට පස්සෙත් මිගමුව තුල වෙච්ච දේවල් සම්බන්ධයෙන් ඇස් ඇරගෙන ඉන්න බුද්ධිමත් ජනතාවට මේ වගේ ඩීල් ගැන තියෙන්නේ පිළිකුලක්.

ලංසා කියන්නේ ඇස්කිමොවරුන්ටද ෆ්‍රිජ් විකුණන්න තරම් දක්ෂ නූල් සුස්තර කාරයෙක්.
මේක.තමයි තිත්ත.ඇත්ත

මිගමුවෙ ජනතාවට අවැසි වෙලා තිබුනේ ලංසා පාලන සම⁣යේ පුද්ගලික බූදල් බවට පත්වෙලා තිබුන දේවල් මහජන අයිතිය යටතට ගන්න.

බිච් පාක් එක මේකෙදි ඇත්තටම ප්‍රධානයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here