spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු රැළියේදි රොයිස්ගේ කට්අවුට් එකට ලෙඩක් ඇද්දේ කාවින්දද ?

Must read

Kavinda jayawardanaනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති  අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මිගමු රැළිය අද සවස මීගමුටව් ග්‍රීන්පාක්හිදි පැවැත්විමට නියමිතය.රැස්විම් භුමියේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා මිගමුව හිටපු සංවිධායක රොයිස් විජිතගේ සහ සජිත් ප්‍රේමදාසගේ රුව සහිත පුවරුවක් ප්‍රදර්ශනය කිරිමට යෑමේදි කිසියම් කලහකාරි තත්වයක් මතුව තිබේ.එයට හේතුවි තිබුනේ මීගමුව පොලිසිය විසින් එකි පුවරුව සවිකිරිමට ගිය තැනැත්තාව අත්අඩංගුවට ගන්නා බවට දැනුම් දිමත් සමගින්ය.මැතිවරණ නීතියට අනුව රැස්විම පැවැත්වෙන ස්ථානයේ සිට මිටර් 200ක ඇතුලත බැනර් කට්අවුට් ප්‍රදර්ශනය කිරිම නීතියට පටහැනි නොවේ.තතු එසේව තිබියදි මීගමුව පොලිසිය මේ ඉටුකරන්නේ කාගේ හෝ ඉල්ලිමක්දැයි මීගමු එජාප ක්‍රියාකාරිහු ප්‍රශ්ණ කරති.ඇතැමෙකු ඒ චෝදනාව එල්ල කරසිටියේ පොලිසියට මෙසේ බලපෑම් කරන්නට ඇත්තේ වත්මන් සංවිධායක කාවින්ද ජයවර්ධන වියහැකි බවය.අදාල සිදුවිමට මුහුණ දුන් මීගමු එජාප ක්‍රියාකාරිකයෙකු මීපුර අමතා සිටියේ මිගමුව පොලිසිය මේ අවස්ථාවේදි අවනත විය යුත්තේ මැතිවරණ නීතියට මිස කාවින්ද ජයවර්ධනගේ ඉල්ලිම් වලට නොවන බවය.මේ පිළිබදව විමසිම සදහා අප මිගමු පොලිසියේ මූලස්ථානය පොලිස් පරික්ෂක ඇමතිම සදහා කීප විටක්ම උත්සාහ කළද එය අසාර්ථක විය.nimal - kavinda

මේ අතර මිගමුව පුරා පැවැත්වෙන ප්‍රචාරක රැස්විම්වලදි මිගමුවේ පොහොට්ටු ප්‍රධානියා ලෙස පෙනි සිටින නිමල් ලංසාට එරෙහිව කාවින්ද ජයවර්ධන හෝ ඔහුගේ ගෝල මන්ත්‍රීලා මීක් නොකියති.මේ පසුබිම විසින් කියා සිටින්නේ කාවින්ද ලංසා සන්ධානය මේ වන විට මිගමුවේ එජාපයේ කොන්ද බිද දමා ඇති බවය.අපට සැබැවින්ම අසන්නට ඇත්තේ මිගමුවේ එජාප සංවිධායකවරයා වන්නේද නිමල් ලංසාදැයි කියාය..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article