spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිනිස් ජාවාරම්කරුවෙකු ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ! සංචාරක විසා වලින් රට යෑම තහනම් !

Must read

ඩුබායි සහ ඕමානයේ සිදුකෙරෙන මිනිස් ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන ප්‍රධාන සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්‍රියේ අත්අඩගුවට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඔහු මරදාන ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක පොලීසියට භාර දී තිබෙන අතර සැකකරු (19) වනදා මීගමුව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ අතර සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසා තිබේ.

ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ දී මිනිස් ජාවාරම ගැන ප්‍රශ්ණ කිරිමට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය

“මේ අය ගිහිං තියෙන්නෙ විසිට් වීසා අරගෙන. විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ අනුමැතිය අරගෙන නෙවෙයි. සංචාරය සඳහා යන විදිහට ගිහිං තියෙන්නේ. ඩුබායිවලට හරි වෙනත් රටකට ගිහිං එතනින් ඕමාන් වලට ක්‍රොස් ඕවර් කරලා තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම බලන්නෙ නැතුව ාවශ්‍ය පියවර ගන්නවා. මේවන විට විසිට් වීසා වලින් යන එක අත් හිටුවා නවත්තන්න අපි පියවර අරං තියනවා.”

මෙරට කාන්තාවන් ඕමානයේදී ගණිකාවන් ලෙස අලෙවි කෙරෙන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණයවීමෙන් පසු ඕමාන් සහ ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව යෑම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තහනම් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article