spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙදා අපිට නත්තල සමරන්න වෙන්නේ මුද මැද්දේ ඉදන් තමයි

Must read

පසුගිය කාලය තුල අපි සමාජ මාධ්‍ය වල දැක්ක දෙයක් තමයි විවිධ අය සම්ප්‍රදායට පිටින් ගිහින් අලුත් විදියට දේවල් සමරන හැටි.
ලගදි දැක්ක එකක් තමයි දෙන්නෙක් තමන්ගේ විවාහ මංගල්‍ය උත්සවය කැලයක් මැද්දේ සංවිධානය කර තියෙනවා.
මේ වගේ තවත් කොතෙකුත් දේවල් තියෙනවා.
ඒත් අද අපිට අහන්න වෙච්ච කථාව අර කැලේ මැද්දේ මගුල් ගෙවල් කතාව වගේ ආතල් එකක් නෙමේ .

ජිවිතේ ඇත්තම යථාර්ථයම එලියට දාපු කථාවක් .

මෙදා සැරේ අපට නත්තල සමරන්න වෙන්නෙ මුද මැද්දේ ඉදන් තමයි.
එහෙම කිව්වේ හෙට මාස 2 කක කාලයකට මුදේ මාළු අල්ලන්න යන්න ඉන්න බහුදින යාත්‍රාවක පිරිසක්.

හෝලි රෝසරි  බහුදින යාත්‍රාවේ පිරිස අය කිවේවේ අපට මෙදා ගමන නත්තල විතරක් නෙමෙයි අවුරුද්ද සමරන්න වෙන්නෙත් බෝට්ටුවේ ඉදන් තමයි . ඉතින් අපි  එදා රැ 12 කට කිරි උතුරවල මොනව හරි විශේෂ කැමක් හදාගෙන කේක් එහෙමත් අරගෙන යනවා ඕවා කාලා නත්තල සමරනව .ගෙදර අයට සුබ පතන්න වෙන්නේ මුදදාලිට දෙන රෙඩියෝ මැසේජ් එකකින් . ගෙවල් වල අයගේ නත්තල් සුබ පැතුම් අපට කියන්නේ  රෙඩියෝ මැසේජ් හරහා මුදලාලිම තමයි .
මේ විදියට දෙවතාවක් මුහුද මැද්දේ නත්තල සමරපු දෙන්නෙක්ම හිටිය.

ජිවිතේ එහෙමයි. වෙන රස්සාවල් කරන අය නත්තල් සමරන්න කොහොම හරි ගෙදර එන්න සැලසුම් කලත් මාළු අල්ලන්න මාස දෙකකට සුදානම් වෙලා හෙට පිටත් වෙන මේ බෝට්ටුවේ සගයන්ට ඒ වාසනව නැ.

එහෙම තමයි ජිවිතේ . ලංකාවට ඩොලර් හොයල දෙන්න එයාල ටුනා මාළු අල්ලන්න නත්තලත් අවුරුද්දත් කැපකරලා මහන්සි වෙනවා. ඒත් මේව කැපකිරිම් නොතේරෙන දේශපාලකයෝ නිලධාරින් ඉන්න රටක් ගැන එයාලටත් තිබුනේ පට්ට කලකිරිමක් …

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article