spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිරිදිය මාළු මංකොල්ලය

Must read

වෙන්නප්පුවේ පිහිටා ඇති මහ වැව නමින් හැඳින්වෙන වැවට මිරිදිය මාලු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වීඩන් ආධාර ලැබී තිබුණේ 2010 , 2012 වසර වලදීය. ඒ මගින් වැවට මත්ස්‍ය පැටව් 6500ක් සහ ඉස්සෝ පැටවුන් ලක්ෂයක් වැවට මුදාහැර ඇත. මෙම මත්ස්‍යයින් බෝවූ පසු ගමේ පොදු ජනතාවගේ ප්‍රෙයා්ජනය සඳහා පමණක් මෙම මාලු බිලීබා ගැනීමට අවසර ඇති අතර ගමේ ගොවි සමිතිය විසින් මෙය නඩත්තු කිරීමේ වගකීම බාරගෙන තිබුණි.තතු එසේ තිබියදී මේ වන විට සිදුවන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි. පුද්ගලයින් පිරිසක් විසින් මෙම වැවේ සිටින මාලුන් මහා පරිමාණයෙන් ඇල්ලීමේ ව්‍යාපාරයක් සිදුකරගෙන යන බවට මේ වනවිට ප්‍රෙද්ශවාසීන් චෝදනා කර සිටියි. මෙය සාමාන්‍ය ලෙස මසුන් ඇල්ලීමක් නොවන අතර තහනම් දැල් ආම්පන්න පවා යොදා ගනිමින් මෙම මසුන් ඇල්ලීමේ නිරක වන බවද වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ගොවි සමිකියේ සාමාජිකයන් විසින්්්් වෙන්නප්පුව පොලීසියටද පැමිණිලිකර ඇත්තේ මෙම ක්‍රියාව නීති විරෝධී ලෙද හෙලා දකිමිනිPátzcuaro-Trad-Fishing-3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article