spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිලානෝ කොන්සල් ජෙනරාල් තනතුර සඳහා දේශපාලන “හෙන්චයියන්” පත්කරන්න එපා !

Must read

Milan2මිලානෝ සහ ඒ අවට නගරවල ජීවත් වන පනස් දහසකට අදික ශ්‍රී ලාංකිකයන්හට ඉතා විශිෂ්ට සේවයක් සපයන මිලානෝ ශ්‍රී ලාංකා කොන්සල් ජෙනරාල් කාර්යලයේ කොන්සල් ජෙනරාල් තනතුර දැනට හිස්ව පවතී. ඒ හිටපු කොන්සල් ජෙනරාල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ලංකාවට ආපසු කැඳවීම නිසාය.

නව රජය බලයට පත් වීමෙන් පසු 2019 දෙසැම්බර් 31 දිනට පෙර දේශපාලන පත්වීම් ලද සියලූම රාජ්‍යයතාන්ත්‍රිකයන් ආපසු ශ්‍රී ලංකාවට කැඳවූ බව විවිද මාධ්‍යයන්හි පළවී තිබුණී. නව ජනාඩිපතිතුමාගේ එම තීරනය අගය කල යුතුය.
තනතුරු සඳහා පත්විය යුත්තේ නිසි අධ්‍යාපනයක් ලැබූ විෂ්යානුබද්ධ දැනුමක්, පුහුණුවක් සහ පළපුරුද්දක් ඇති පුද්ගලයන්ය.

 මේ ගෞරවනීය අදහස ටිකෙන් ටික පළුදු වෙමින් යන බවක් පෙනෙන්නට පටන්ගෙන ඇත. එම නිසා පෙර සුදානමක් වශයෙන් මෙසේ දැනුවත් කිරීමට අදහස් කළෙමි. ගතවූ වසර 72 පුරාම බලයට පත්වූ සියලුම රජයන් විදේශ දූත මෙහෙවර සඳහා පුද්ගලයින් පත් කිරීමේදී වැධි සැලකිල්ලක් දක්වා ඇත්තේ දේශපාලන සබඳත පිලිබඳව. එමෙන්ම විවිද ක්ෂේත්‍ර ඔස්සේ රට ජාතියට විශිෂ්ට සේවයක් කල පුද්ගලයින්ට කරන ගරු කිරීමක් ලෙසද රාජ්‍යතාන්ත්‍රික තනතුරු ප්‍රධානය කල අවස්තා ඇත.
එහෙත් විදේශ ධූත මෙහෙවර යනු වෙනම හැදෑරිය යුතු සංකීර්න විෂයකි. (ඒ පිලිබඳ වැඩි විස්තර මෙම වෙබ් අඩවියෙන් http://www.informagiovaniroma.it/lavoro-e-impresa/approfondimenti/lavoro-nel-settore-pubblico/la-carriera-diplomatica )

ඉතාලියෙ කාර්මික සහ කෘෂිකාර්මික අතින් වඩා වැගත්ම ප්‍රදේශය වන්නේ උතුරු කොටසය. උතුරු ඉතාලියේ ප්‍රධාන නගරය වන්නේ මිලානෝ නගරයයි. සංචාරක කේන්ද්‍රස්ථානයක් මෙන්ම මෝස්තර නිරූපනය සඳහාද මිලානෝ නගරය ලෝක ප්‍රසිද්ධය ඉතාම කෙටියෙන් කිවහොත් ආර්ථික වශයෙන් මෙමෙ ප්‍රදේශය මහා ධන උල්පතකි.
අපගේ රටට මේ සියළු දෙයින් ඵල ප්‍රයෝජනයක් ලබා ගැනීමට නම් විෂය පිලිබඳ අවබෝධයක් ඇති බුද්ධිමත් දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සිටිය යුතුය.
තවත් පැත්තකින් කොන්සල් ජෙනෙරාල් කාර්යාලය 50000 කට අධික ජනතාවකට සේවය සැපයීම මගින් දැනටමත් රජයට විශාල ආදායමක් ලබා දෙන ආයතනයකි. ඒ ලබාදෙන සේවය ද ලාංකිකයන් හට විශාල සම්පතකි.
මෙකී නොකී මෙම අතිශයින් වැදගත් ගෞරවනීය තනතුර සඳහා පත්විය යුත්තේ:
– නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති
– විෂය පිලිබඳ විෂේශ දැනුමක් ඇති
– ජනතා විශ්වාසයට හා ගෞරවයට බඳුන්වන (දූෂන, වංචා පිලිබඳ චෝදනා නැති )
– ජාති, ආගම්, දේශපාලන භේද වලින් තොරව
රටටත් මිලානෝ ශ්‍රී ලාංකිකයින්ටත් යහපතක් වන පුද්ගලයෙකු පත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
මෙයට මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකයින් සමූහයක් වෙනුවෙන් එතෙර ටීවී ආයතනය

 

පිටපත්:

1 ගරු ජනාධිපතිතුමා
2 ගරු අගමැතිතුමා
3 ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article