spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ පස් ටික පිටට යවන්ඩ එපා – ඒවා මීගමුවේ සංවර්ධනයට යොදවන්ඩ – පුරවැසි ඉල්ලීමක්

Must read

මීගමුව වෙරළ සංරක්ෂණ  දෙපාර්තමේන්තුව විසින්   මීගමුව කලපුව  හා ලෙල්ලම ආශ්‍රිත යෝජිත සංවර්ධන වැඩපිළිවෙලේ   ආරම්භ කර ඇති පියවර කීපයක් පිලිබදව නොවැම්බර් 13 දා පැවති මිගමුව සම්බන්ධීකරණ  කමිටුව දැනුවත් කරන ලදී. මීගමු ලෙල්ලම ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියේ සැලසුම හා  ඉදිරි වැඩසටහන් මෙන්ම ඒවායින් ධීවර ජනතාවට මෙන්ම සාමාන්‍ය ජනතාවට ලැඛෙන සංවර්ධන ප්‍රතිලාභ සම්බන්ධයෙන්  ඇති වැඩපිලිවෙල  මොරටුව විශ්ව විද්‍යාලයේ අචාර්යවරයෙකු විසින්  සභාවට ඉදිරිපත් කරන ලදි. මේ වනවිට වැඩ ආරම්භ කර ඇති රේගු පාර හා පරණ උසාවිය ආසන්නයේ ඇති කලපු තීරුවේ රොන්මඩ ඉවත්කිරීම පිළිබදව ද  සභාව දැනුවත් කරන ලදී.
මෙහිදී ජනතා නියෝජිතයන් විසින් ද අදහස් දැක්වූ අතර එක් අදහසක් වූයේ  රොන්මඩ ඉවත්කිරීම මෙන්ම කලපුව දූෂනය වීමේ මාර්ග හදුනාගෙන ඒවා වැලැක්විමට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් තිබිය යුතු බවත්  මේ ප්‍රදේශයේ කලපුව අපිරිසිදු විමේ ප්‍රධාන මාර්ග ඒ අවට සිටින ව්‍යාපාරිකයන් ගේ ව්‍යාපාර බවත් ඒවා ඉවත් කිරීමට පියවර ගතයුතු බවත්ය.
මෙම සංවර්ධන ව්‍යාපෘති වලදී කලපුවෙන් ඉවත් කරන පස් හා වැලි කොන්ත්‍රාත්කරුවන් මගින් පිටත ගෙන යාමට ඉඩ නොදී නැවත මීගමුව සංවර්ධනය සදහා ඒවා යොදා ගන්නා ලෙසද ජනතා නියෝජිතයෙකු ඉල්ලීමක් කරන ලදී.
ගබඩා පාර කලපු තීරුවේ රොන්මඩ ඉවත් කර නව ජැටියක් නිර්මණාය කිරීම සදහා යෝජිත වැඩපිළිවෙල DSCF7565 8nm 2new
කලපු තීරුවෙන් ඉවත් කරන ලද රොන්මඩ 3new 4new 5n 6n 7n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article