spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේදි කුලී රථ රියදුරෙකුට චණ්ඩි පාට් ලැමු ලංසා පවුලේ හිතවතුන් පිරිසක් ලගදිම අත්අඩංගුවට ?

Must read

හිරුඋබර් වැනි කුලි රථ සේවාවක සේවාව ලබාගත් විදේශිකයෙකු ඒ රථයේ සිටියදිම කිසියම් මැරයන් පිරිසක් විසින් විදේශිකයාවද අපහසුවට පත්කරමින් ඉතාමත් අශෝභන ලෙසින් හැසිරෙන අයුරු රැගත් විඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල විශාල අවධානයක් දිනා ගෙන තිබුණි.
ඒ නිසාම සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් මේ මැරයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන ලෙස දැනටමත් විධිමත් ඉල්ලිමක් අදාල සියළු බලධාරින්ගෙන් සිදුකර තිබේ.
කෙසේ වෙතත් මේ සිදුවිම මිට මාස කිපයකට පෙර වුවක් යැයි වාර්තා වන අතර එය සිදුව ඇතැයි සැකකරන්නේ මිගමුවේ සංචාරක  කලාපයේ එක්තරා හෝටලයක්  සමිපයේදිය.
මෙරට සමස්ථ සංචාරක කර්මාන්තටයම කැළලක් තබමින් හැසිරෙන මෙවන් මැර පිරිස් මිගමුවේ එක්තරා ඇමති පවුලකට ඇති සම්බන්ධයක් ගැන කථාවක්ද මේ දිනවල පැතිර යන්නට පටන්ගෙනය.දිනමිණ නිව්ස
එය සත්‍යයක් නම් සංචාරක ඇමතිවරයා කියා සිටින්නේ තරාතිරම නොබලා ඒ අයවට අත්අඩංගුවට ගන්නා ලෙසය.
සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයට මෙවැනි හැසිරිම් සැබැවින්ම අශෝභනය.එබැවින් ප්‍රසන්න රණතුංග ඇමතිවරාගේ නියෝගයට ඉක්මන් ප්‍රතිචාර දැක්විය යුතුව ඇති නිළධාරින්ට මේ මැර පිරිස ගැන සේවිමේ කටයුතු දැන් තවත් පහසු වි තිබේ.එපමණක් නොව දේශපාලන හයිය රැගෙන මිගමුවේ සංචාරක කර්මාන්තයේ නියැලි සිටින වෘත්තිය මට්ටමේ හෝටල්කරුවන්ට තර්ජනය කරමින් වැල්ලේ අටවා ගත් මත්පැන් බෙදන තැන මෙන්ම තවත් දැද සංචාරක ඇමතිවරයාගේ අවධානයට අනිවාර්යෙන්ම යොමු විය යුතුව තිබේ.
මව්බිම නිවස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article