spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ අධ්‍යාපන පරිපාලන කටයුතු වලට අයුතු බලපෑම් කරන ආගමික නායකයන් කව්ද ?

Must read

stock-photo-raised-hands-in-class-of-middle-school-157595678රටේ අධ්‍යාපනය යනු රාජ්‍යයේ වගකිමකි. එහි පරිපාලනය සිදුවන්නේද ඒ අයුරින්මය. එය විවිධ බලපැම් වලට නතුවු හැම විටකදිම අර්බුදයක් ඇතිකර තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුලමය.
පසුගිය කාලය තුල මීගමුවේ  අපොස සා/පෙල ප්‍රථිඵල බරපතල ලෙසින් පහත වැටිමකට තුඩු දෙනු ලබන්නේද මේ හේතුව නිසාමය.
සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් නිසි තැන්හි ස්ථාපිත කිරිමට නොහැකි කිරිම සදහා පසුගිය කාලය තුල මීගමුවේදි ආණ්ඩු පක්ෂ දේශපාලනය මෙන්ම ආගම්ද බරපතල වරදක් සිදුකර තිබේ..
බොදුනු පාසැලකට විදුහල්පති ශ්‍රේණියේ කිසියම් හෝ තනතුරකට වෙනත් ආගමික අයෙකු පත්වන්නේ නම් අදාල අයගේ අධ්‍යාපන සුදුසුකම් වෙනුවට මුලින්ම බලන්නේ ආගම ගැනය.මෙය බොදුනු පාසැල් වලට පමණක් නොව කිතුණු සහ මුස්ලිම් මෙන්ම ඇතැම් දමිල පාසැල් වලටද අදාලය.
මේ සියල්ලෝම පසුගිය කාලය තුල එරෙහි ව ඇත්තේ තම පාසැලට සුදුසුකම් සහිත අයෙකු පැමිණිමෙන් එකි පාසැලේ අධ්‍යාපන තත්වය ඉහල තලයකට ගෙන ඒමට බලපාන දෑ ගැන විමසිලිමත් වන්නට නොවේ.
තම ආගමික හැම විටම සුපිරි තැන් හි තබන්නටය.
මීගමුව දේදුණු නගරයකි.
දැන් රට තුල ඇත්තේ මෛත්‍රිය පෙරදැරිකරගත් යහපාලනයකි. එසේ නම් මීගමුව තුල රාජ්‍ය පරිපාලනයට බලපැම් කරමින් ඇතැම් ආගමික නායකයන් මීගමුව සිදුකරනු ලබන සිය අමනොඥ ක්‍රියා නැවැත්විමට අදාල බලධාරින් පියවර ගතයුතුව තිබේ.
අධ්‍යාපනය යනු රාජ්‍ය විසින් පරිපාලනය කරනු ලබන්නක් මිස එක එක ආගමික නායකයන්ගේ කැමැත්ත අකැමැත්ත නොවන බව සියල්ලෝ දැනගතයුතුව තිබේ.
එසේ නොවන්නේ සිහින මවන යහපාලනයද වෛරි ආගම් වාදයක ගිලි අවසන් වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article