spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ අන්තර් ආගමික සුහද හමුව

Must read

..

ඊයේ ( 30 දා ) අන්තර් ආගමික කමිටු සුහද හමුවක් බෝලවලාන 16 වන බෙනඩික්ට් උසස් අධ්‍යාපන ආයතනයේදී පවත්වන්නට යෙදින.
බෞද්ධ , හින්දු , කතෝලික , මුස්ලිම් යන සියළු ආගම් නියෝජනය කරන ආගමික නායකයින් , රාජ්‍ය නිලධාරීන් , හා අන්තර් ආගමික වැඩිහිටි හා කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වය මත මෙම සුහද හමුව සූදානම් කර තිබිණ .

ලෝකයේ පවතින දරුනුතම විෂ ජාතිවාදය සහ ආගම්වාදය තුළින් මතුවන අදහස් සහ මතවාදයන් බව පැහැදිළිය . එය මනුෂ්‍යත්වය නොසළකා සමජය තුළ ක්‍රියාත්මකවේ.



කාලයක් තිස්සේ ජන මනස විකෘති කරමින් එය විසින් ඉතා භයානක ප්‍රතිඵල අත්කර දුන් ආකාරය අපි පසුගිය කාලය පුරා අත්දැක්කෙමු. දේශපාලනය තුළ තම පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා කටයුතු කරන දේශපාලනඥයින්ට ජනතාව ආගම් සහ ජාතිවාදී ලෙස බෙදී වෙන්ව සිටීම අත්‍යවශ්‍ය සාධකයකි . තම බලය තහවුරු කර ගැනීම සඳහා ජාතිවාදයට මුවාවී ඕනෑම තිරශ්චීන වැඩක් කිරීමට ඔවුන් පසුබට නොවේ.

මේ අනුව ජනතාව බෙදී වෙන්ව සිටීම ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධාන ආයුධයකි.
එවන් පසුබිමක සෙත්සරණ කරිටාස් කොළඹ ආයතනයේ මැදිහත් වීමෙන් සිදුකෙරෙන මෙවැනි වැඩසටහන් අගය කළ යුතුය.
ආගමික නායකයින් විසින් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පොල්තෙල් පහණ දල්වා වැඩසටහන ආරම්භ කරන ලදී .

මෙම වැඩසටහන ට අනුව ප්‍රධාන දේශනය පැවැත්වූ මහාචාර්ය ඇන්ටන් මීමන මහතාගේ හරවත් දේශනයත් සමග තවත් කෙටි දේශන කිහිපයක් සහ සංස්කෘතික අංග කිහිපයක්ද ඉදිරිපත් කරමින් මෙම කටයුත්ත ඉතා සාර්ථකව නිම කරන ලද්දේ පැමිණ සිටි පිරිසට තේපැන් සංග්‍රහයක්ද ලබා දෙමින්ය.
සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article