spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කතෝලික පාසැල් අධ්‍යාපනය තුළ දෙමව්පියන්ගේ නෑසෙන අඳෝනාව !

Must read

uni-st-josephs

(10.30 am ) නිදහස්  අධ්‍යාපනය  ලංකාවේ  ක්‍රියාත්මකවූ  වකවානුවේදී  දුප්පත්  දෙමව්පියන්ට  එය  විශාල  සහනයක්  විය.අද  නිදහස්  අධ්‍යාපනයක්  දක්නට  නැත.  සියල්ල  තීරණය  වන්නේ  මුදල්  මතය. මේ  අනුව  පාසැල්  නඩත්තුව  සදහා  විවිධ  උපක්‍රම  භාවිතා කිරීමට ඒ ඒ පාසැල්වල  බලධාරීන්   කටයුතු  කරන  බව  පෙනේ.මීගමු  ප්‍රදේශයේ    පාසැල්වල   (විශේෂයෙන්  කතෝලික  පාසැල්)  නඩත්තුව  සඳහා   සංගීත  සංදර්ශන  යොදාගැනීම   මුදල්  සෙවීමේ  එක්  ක්‍රමයකි. . මෙවැනි  ක්‍රම  මගින්  මුදල්  සොයාගත හැකිබව  මෙම   සංදර්ශන  සූදානම්  කරන  අය  දනිති.  මන්ද  දෙමව්පියන්  තම දරුවන්ට  දක්වන   උනන්දුව  ගැන   ඔවුන්  දන්නා  බැවිනි. මෙම  නිලය  අල්ලා  ගන්නා   ‍ඔවුන්   හැකි  උපරිමයෙන්   මුදල්  එකතුකර  ගැනීමට  කටයුතු  කරති.  මීගමුවේ  ශාන්ත  ජෝසප්  පෞද්ගලික   විදුහල  මෙවැනි    සංගීත  සංදර්ශනයක්  පැවැත්වීමට  කටයුතු  යොදා  ඇත.  එහි  ටිකට්පතක්  රු.2000/කි.  එක  පොතක  ටිකට් 5කි.  එවිට  වටිනාකම  රු. 10,000කි.  එක  පවුලක  දරුවන්  දෙදෙනෙකු  සිටී  නම්  මෙම  ගනන  20,000/ කි.  පාසැලේ   සිසුන්  2300 ක්  සිටී නම්  කොතරම්  මුදල්  ප්‍රමාණයක්   එකතුවන්නේ දැයි   සිතා  බලන්න.  ආරංචි  වන්නේ   පාසැලට  බසයක්  සහ  ජෙනරේටරයක්  ගැනීමට   මෙවැනි  මුදලක්   අවශ්‍යව  ඇති  බවයි. පාසැලේ   දියුණුව  වෙනුවෙන්    කටයුතු  කීරීමේ  වැරැද්දක්  අපි  නොදකිමු.   නමුත්  ඒවා  සිදුවිය  යුත්තේ   නිවැරදි  ක්‍රමයකටය.
(පාසැලේ දරුවන් සදහා මේ ටිකට් පොතක්  දරුවන්ගේ ශිෂ්‍ය වාර්ථා පොත ඇතුලට දමා දි ඇතැයි සැලය.මේ නත්තල් මාසයයි. ජේසුගේ පියා ජුසේ නම් වු දුප්පත් වඩුවෙකි. මේ පාසැලට නම් තබා ඇත්තේද ඒ දුප්පත් වඩුවෙකු වු ජුසේ මුනිදුන් සිහිකරමිනි. ලැජ්ජයි නේද )Vayo show

බැරිනම්  ඇයි  මේ  ඉස්කෝලෙට  ළමයව  දැම්මෙ?  යනුවෙන්   ප්‍රසිද්ධ  තර්කයක්  මගින්  අසරණ  දෙමව්පියන්ට  දමා ගැසීමෙන්   කිසිවක්  සිදුනොවනු  ඇත.  එක  පියෙකු  තම  දරුවන්  දෙදෙනෙකු   මේ  පාසැලට  යවන  හෙයින්  මේ  ගැන  විමසු  අවස්ථාවේ   ඔහුට  වචන  හසුරුවා  ගැනීම  අපහසුවූ  බව  පෙනින.  මෙය  නිවැරදියැයි  කිවනොහැක.  එසේ  පැවසීමට  ඔහු  බිය  වන්නේ   තමන්ගේ  දරුවන්   මේ  මුදලට  වඩා   වටින  බැවිනි. විරුද්ධත්වයක්   නොපෙන්වුවද   අනේමන්ද?  අපි  මොනව  කරන්නද?   යනුවෙන්  පවසන්නේ   එබැවිනි. දෙමව්පියන්   පීඩාවට  පත්වන  ආකාරයෙන්   මෙකී  කටයුත්ත  සිදුකෙරෙන   නමුත්  ඒ  පිළිබඳව  විරෝධතාවයක්  පැන නැගෙන්නේ  නැත. ඒබව  මෙම  විදුහල්වල   පාලන  අධිකාරය  හොඳින්ම  දනී.  සල්ලි    යහමින්  ගැවසෙන  ඇත්තන්ට මෙය   ප්‍රශ්ණයක්  නොවේ.  ඔවුන්  මේ  තත්වය  සාධාරණය  කරන්න  විවිධ  තර්ක  ගෙනහැර පාන  බව  අපි  දනිමු.  නමුත්  කුමන  තර්කයක්  ඉදිරිපත්  කළත් මෙය  සාධාරණීකරනය  කළ  නොහැක.

එක්  පාසැලක ( ලැජ්ජයි මෙයත් කතෝලික පාසැලකි.මේ ගැන අප තවත් විස්තරාත්මක වාර්ථාවක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමු  )    සංගීත  සංදර්ශණයක   ටිකට්  අවශ්‍ය  ප්‍රමාණයට  අලෙවි  නොකළ  බැවින්   සිසු  දරුවන්   දණ ගැස්වා  ඇත්තේ   මීගමුවේ  බව  ඔබ  නොදන්නවා  ඇත.  නමුත්  පෙර කළ  ගුරුවරු   දරුවන්ට   දඬුවම්  දී  ඇත්තේ   නිසි  අධ්‍යාපනයක්   ලබාදීමේ   සහ ඔවුන්  නිසි  මගට ගැනීමේ   පරම  චේතනාවෙනි.    පැරණි  කවියෙකු   දරුවන්  යහමගට  ගැනීම  උදෙසා   ලියු  කවි  පන්තියක  කොටසකි   මේ.

වේවැල්  කෝටු  නාරං   සිඹලා           අතු

කිතුල්  පොල්  ඉරටු  සහ  කහඹිළිය    අතු

මේ  හැම  ඉපල්  මගෙ  දෑතට  නොපෑ  යුතු

පමානොවී   අකුරට  යමි  මෙයින්         මතු

තම  දරුවා  කවා  පොවා  ලොකු මහත්කර    නිසි අධ්‍යාපනයක්  ලබාදී  ඔහුගේ   අනාගතය  ගෙඩනැගීම  සෑම  මවකගේ  සහ  පියෙකුගේ  අරමුණයි.  ඒසඳහා  ඕනෑම  කැපකිරීමක්  කිරීමට   ඔවුන්  පසුබට  නොවෙති.  නමුත්  අපේ  රටේ  අනෙකුත්   දේවල්  මෙන්ම  අධ්‍යාපනයද   අර්බුධකාරී  තැනකට  තල්ලුවී  ඇති  හෙයින්  එහි  ගොදුරු   බවට  පත්වී  ඇත්තේ  දෙමව්පියන්  සහ  අසරණ  දරුවන්ය.  එක  පැත්තකින්  දරුවා  තරඟයකට  යොමුකර  ඇත. විභාග  ජය  ගැනීම  යුද්ධයකින්   ජයගැනීමක්  ලෙස  දරුවා  දකී. එසේ  ජයගත  නොහැකි  වූවිට  සියදිවි  නසා ගැනීමට  පවා  පෙළඹුණු   ආකාරය  අපි  දැක්කෙමු.  විදුහලකින්  සිදුවිය යුතු   ප්‍රධාන  කර්තව්‍ය   නම්  දරුවන්ට  නිසි  අධ්‍යාපනය  ලබාදීමයි.  මේ  සඳහා  දෙමව්පියන්  තලා  මිරිකා  දැමීම   නොකළයුතු  බව  අපි  අවධාරණය  කරන්නෙමු.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article