spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කුඩු මාෆියාව ට විරුද්ධව හඬක් නගන්නට, ඔබත් එන්න !- ටෙරන්ස් පියතුමා

Must read

මත්කුඩු විරෝධයවිනාශ වීගෙන යන අපේ දරුවන් රැක ගන්නට, මීගමුවේ කුඩු මාෆියාව ට විරුද්ධව හඬක් නගන්නට, ඔබත් එන්න අප හා එක්වන්න. ඔබ දන්නා මීගමුවේ හා මීගමුවේ අවට සිටින සැමදෙන සමග මේ පණිවිඩය බෙදා ගන්න. විනාශය දකිද්දී නිහඩව සිටීම, එම විනාශය අනුමත කිරීමකි. ඉදින් එන්න එදාට අප හා එක්වන්න.
ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා.
( උපුටා ගැනිම ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමාගේ මුහුණු පොතෙනි )
ටෙරන්ස් බෝදියාබදු ගරු පියතුමන් විසින් සිය මුහුණු පොතේ ප්‍රබල සටහන් තබා තිබේ. එතුමන්ට අනුව මීගමුවේ කුඩු මාෆියාවක් ඇත.එයට එරෙහිව හඩ නගන්න එන්න යැයි ඔහු සැමගෙන් ඉල්ලා සිටි.
ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා වසර ගණනාවක් තිස්සේ සිටියේ වැල්ලවිදියෙ මිසමේය. ලංසා පවුලේ මුල ගම වන්නේද මීගමුවය.
මේ පසුබිම තුල ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ඉතා ප්‍රබල ප්‍රකාශයක් කර තිබෙන්නේ එතුමන් මේ ප්‍රශ්ණයේ බරපතල කම ඉතාමත් හොදින් දන්නා බැවිනි.
එපමණක් එය මෙහෙයවන්නේ මාෆියාවක් විසින් යැයි සටහන් තැබිමද මේ ප්‍රශ්ණයේ සෑබෑ ස්වරූපය ගැන තැබු ඉතාමත් නිවරදිම සටහනකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article