spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පදික වේදිකාවේ වෙළදාම සහ මීගමු ජනතාවගේ චෝදනාව !!

Must read

????????????????????????????????????

ඉහතකී   ගැටළුව  තේමාකර  ගනිමින්   අප  මීටපෙර  ලිපි  කිහිපයක්   පළ කලේ  අදාල  වගකිවයුත්තන් දැනුවත්කිරීම   උදෙසාය. මේ  අනුව  මීගමුව  කච්චේරිය   අසල   සපත්තු ,සෙපේපු  වැනි  දේවල්  පදික  වේදිකාවේ   වෙළඳාම් කිරීම  පිළිබඳව   ජනතාව  දිගින්  දිගටම  දුරකතන   ඇමතුම්  මගින්  අපවෙත   නිතර  දැනුම්  දීම  නිසා  නැවතත්   අපි   බලධාරීන්ට  ප්‍රශ්ණය  යොමු  කරන්නෙමු.  ගියවර   මේ  සම්බන්ධව  කොමසාරිස්වරයා  පැමිණිල්ලක්   නැති නිසා  කිසිවක්   කළනොහැකි  බව   කියා  ඇඟ බේරා  ගත් ආකාරයට  මෙවර  ක්‍රියාත්මක   වන්නේ  නම්   අපටද  ජනතාවගේ   පැත්තෙන්   යම්  පියවරක්  ගැනීමට  සිදුවනු  ඇත. පොලීසියේ  රථවාහන  අංශයේ   ස්ථානාධිපති   ගජනායක  මහතා  ප්‍රකාශ කළේ   ‍මෙම   වෙළෙන්ඳන් ට   ඉවත්   වන ලෙස  දැනුම්දී   ඇති බවයි.  මේ  අනුව  පැහැදිළිවන්නේ  මීගමුව  මහ  නගරසභාව  ප්‍රධාන  වගකිවයුත්තා   වන   අතර  ඔවුන්ගේ   අවසරයක්   නැතිව   මේ  කටයුත්ත  කළ  නොහැකි  බවයි.   නාගරික   කොමසාරිස්වරයා   පැමිණිල්ලක්  ඉල්ලා  සිටින්නේනම්   ජනතාව  හරහා  අප  කරන්නේ  පැමිණිල්ලක් බව   ඕනෑම   කෙනෙකුට  පැහැදිළිය.

මහ  නගර සභාවේ   ඉහළ  නිලධාරීන්ගේ   ඉදිරිපිට  අලවා ඇති    දැක්ම  සහ  මෙහෙවර   භාවිතාවට  නැගීම  සහ  ජනතාවට  සරල  පිළිතුරුදී   මගහැරීමේ  කලාව  අතර   පරස්පරයක්  පවතින   බව  පමණක්  අප  ඔබට  මතක්  කරන්නෙමු.  ඒනිසා  එසේ  නොවන්නේ  නම්  ඉහතකී   ප්‍රශ්ණයට   විසඳුමක්  ලබාදෙන්න.


http://www.meepura.com/2018/01/18/%e0%b6%9a%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%99%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%85/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article