spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ඩෙංගු නිසා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ දිනක අදායම ලක්ෂ 5ක් ?

Must read

tmp_9380-image-0-02-06-a538a7158f60376814c95b10922f0e320cc7a6b6a6c5dc44d2e8ea68f1b405c3-V2130170073මීගමුව ඩෙංගු පිළිබදව වඩාත් කථාබහට ලක්වන්නේ මීගමුව රෝහල තුල ඩෙංගු විශේෂ ඒකකයක්  ස්ථාපිත විමත් සමගින්ය.
මාධ්‍ය මගින්ද මේ සදහා විවිධ ප්‍රචාරයන් දි තිබුනේ ආසියාවේ හොදම ඩෙංගු රෝහල යන නාම  විශේෂණයන්ද සමගිනි.(තායිලන්තය සහ ජපානය ඇත්තේද ආසියාවේ  බවද මතක් කරගත යුතුය)
කෙසේ වෙතත් මේ ආකාරයෙන් මීගමු රෝහල ඩෙංගු හරහා මාකට් විම නිසා සිය පුද්ගලික වෛද්‍ය සේවාව ඉහල දමා ගැනිමට ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ට හැකිව තිබුණි.
මේ අය විසින් රෝගි ජිවිත ගොඩදැමිම පිළිබදව අප සැමට ඔවුන් පිළිබදව පොදුවේ අපට ඇත්තේ ඉමහත් ගෞරවයකි.එය අගනේය.පැසසුම් කටයුතුය.
එහෙත් මීගමුව දැන් පත්ව ඇති වංසගත තත්වය ට තම ව්‍යාපාරික මනසින් මැදිහත්විම ගැන අපට ඇත්තේ පිළිකුලකි.එය මොනම තත්වයක් යටතේ වත සාධාරණිකරණය කිරිමට නොහැක්කේමය.
මෙහි අද ප්‍රථිඵලය වි තිබුනේ මේ ඇතැම් වෛද්‍යවරුන්ගේ එක් දිනක අදායම ලක්ෂ 5 කටත් වඩා වැඩිමයි.
මීගමුවේ ප්‍රධාන පුද්ගලික රෝහල් 2 කක් තිබේ.( 2017 ජුනි 20 වනදා මීගමුවේ ආවේ මරියා රෝහලේ නේවාසික ඩෙංගු රෝගින් ගණන 45 කට ආසන්නය)
මේ දිනවල මේවායේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගින් ගණන 100 ක් ඉක්මවා තිබෙනු දැකිය හැකිය.
මේ රෝහලක එක රෝගියෙකුව එක් වරක් බැලිමේදි අයකරනු ලබන විශේෂඥ ගාස්තුව රු 5000 ක් වුවහොත් ලක්ෂ 5 ක ඉලක්කය යනු ඉතා සරල එකකි.( පුද්ගලික රෝහල් වලට යන අනෙක් විශේෂඥ වෛද්‍යවරයා විසින් අයකරනු ලබන මිල රු 2000 ක් පමණ වන බවද කියැවේ .)ඇතැම් රෝගින්ව 2 වරක් බලන්නේ නම් හා පුද්ගලිකව නේවාසිකව ප්‍රතිකාර ලබන ගණන එක් දිනකට 125 ක් වන්නේ නම් ඊට අදාලව ආදායම ගණන් හදා ගැනිම ඔබට භාරය.මේ අනුව මේ එක් වෛද්‍යවරයෙකුගේ මාසික අදායම ලක්ෂ 100 ක් ඉක්මවන බව සරල ගණිතමය කරුණක් පමණි
මීගමුවේ ඇති පුද්ගලික රෝහල්වලට මෙන්ම මේ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ටද රුපියල් කෝටි ගණන් වලින් මුදල් හම්බකරගැනිම සදහා මේ වන හැකියාව ලැබි ඇත්තේ රජය විසින් රුපියල් ලක්ෂ 500 ක වියදමින් ඇදන් 17 ක් සහිත ඩෙංගු විශේෂ ඒකකයක් මීගමුව රෝහල තුල ස්ථාපිත කිරිම නිසාය.එය එසේ නොවුයේ නම් මේ තත්වය කෙසේ විය හැකිද ?
ලක්ෂ ගණනක් මුදල් වැය කර අද මුදල් ඇති අය නවලෝක රෝහලට ලෙඩුන් ගෙන එන්නේ තමන්ගේ ලෙඩාගේ තත්වය යම් හෝ අවදානම් අඩියකට යමින් තිබේන්නේ නම් අල්ලපු රජයේ රෝහලේ ඩෙංගු විශේෂ ඒකකයයේ ඇදන් 17 න් එක ඇදක් තමන් විසින් ඒක පැමිණිමක් සදහා රු 5000 ක් හෝ ඊටත් වැඩිමුදලක් ගෙවන විශේෂඥ වෛද්‍යවරයා නිසා ලබාගතහැක්කේ යැයි ඇති විශ්වාසය නිසාවෙනි.
මේ කිසිදු වෛද්‍යවරයෙකුගේ හෝ මේ පුද්ගලික රෝහල්වල ආදයම් ගැන අපට කිසිදු ඊසියාවක් ඇත්තේම නැත.එහෙත් අප විසින් මේ කියන්නට උත්සාහ කරන කරුණ පිළිබදව සරල තේරුම් ගන්නේ නම් මීගමුව තුල ඩෙංගු මතින් ගොඩ නැගෙමින් යන දැවැන්ත ව්‍යාපාරික මාෆියාව තේරුම්ගැනිමට අපහසු නොවනු ඇත.
සෞඛ්‍ය ඇමතිවරයා විසින් දැන් විවිධ කරුණු අරභයා මිළ පාලනයන් ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබේ.
අපට අසන්නට වන්නේ ඇතැම් විශේෂ වෛද්‍යවරුන්ගේ මේ අයකිරිම් ගැන පියවර ගන්නේ කවදාද යනුවෙනි.
මීගමුවේ ඩෙංගු විශේෂ ඒකකය හැදෙන්නේ රජයේ වියදමිනි.මේ විශේෂඥ වෛද්‍යවරුන් විදෙස්ගතව විවිධ දැනුම් හා අත්දැකිම් ලැබගන්නේද රජයේ වියදමිනි.
එනම් ඒ සියල්ල මහජන බදුමුදල්ය.
තතු එසේ වෙද්දි මේ සියල්ල හරහා පෙරලා ලැබෙන දේවල්වල ප්‍රතිඵලද එක්තරා අන්දමකට හෝ  මහජනයා අතර බෙදාදිමේ සරල ආචාරධාර්මික කරුණකි.එහෙත් තත්වය කණගාටුදායකය.
ඒ සියල්ල රුපියල් ශත මත තින්දු වන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article