spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ දේශපාලන පළිගැනිම් ඇරඹේ…

Must read

dayan commiමීගමුවේ දේශපාලන පලිගැනිම් දැනටමත් ආරම්භ වි හමාරය.එහෙත් මෙවර එහි විශේෂත්වය වන්නේ මේ පළිගැනිම් ක්‍රියාත්මකව ඇත්තේ ආණ්ඩු පක්ෂයේම අයට එරෙහිවය.මීගමුව මහනගර සභාවේ සේවකයන් පිරිසක් දැනටමත් ඔවුන් සිටි තනතුරු වලින් පහකර ඇති අතර සේවා ස්ථාන මාරුවිම්ද ලබාදි තිබේ.මේ පළිගැනිම් සිදුකර ඇත්තේ මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ ඉල්ලිම පිට නාගරික කොමසාරිස්වරිය විසිනි.නගරාධිපතිගේ ⁣සහෝදරයා වෙනුවෙන් දේශපාලනය නොකර එම පක්ෂයේම වෙනත් අයට සහය පළකිරිම හේතුවෙන්  නගරාධිපති යෙනුවෙන් නාගරික කොමසාරිස්වරිය මෙසේ නීතිය නමන්නට පටන්ගෙන තිබේ.මීගමුව වැනි ප්‍රධාන නගරයක කොමසාරිස්වරියක් විමට නිසි සුදුසුකම් නැති තුන්වෙනි පංතියේ කොමසාරිස්වරියක වන ඇයට නගරාධිපති දයාන් ලංසාගෙන් මාසිකව ලැබෙන විශේෂ වරදානයක් නිසා ඇය මෙසේ නීතිය නමන්නට පටන් ගෙන ඇතැයි මේ අවනීතයට ගොදුරුව සිටින සේවකයෝ මිපුර අමතා කියා සිටියෝය.මෙසේ දේශපාලන පළිගැනිම් වලට ලක්ව සිටින සියළු දෙනා නාගරික කොමසාරිස්වරියට එරෙහිව දැවැන්ත පාගමනකට දැන් සුදානම් වෙමින් සිටිති .ඒ කොළඹට ගොස් අදාල සියළු බලධාරින් වෙත කරුණුකීම සඳහාය.එහිදි නගාරික කොමසාරිස්වරියේ සකලාකාර තුන්වෙනි පංතියේ වැඩගැන කරුණු ඇතුවම පැමිණිලි කිරිමට මේ පිරිස සුදානමින් සිටින බවද පැවැසේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article