spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”නාමල්ගේ ‘වැඩේ’ හොඳයි : බාප්පාගේ කතාව අප්ෂට්” – මංගල කියයි

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ විසින් ක්‍රීඩාව සංවර්ධනය උදෙසා උපාය මාර්ගික ක්‍රියාමාර්ග යෝජනා කිරීමට

ක්‍රීඩා සංවර්ධන කමිටුවක් පත් කර තිබීම ඇඟයීමට ලක්කරන හිටපු අමාත්‍ය මංගල සමරවීර, නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී කළ ‘රාජාසන කතාව’ අතිශයින් බියකරු බව කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ ‘ට්විටර්’ පණිවිඩයක් නිකුත් කරමිනි. එහි මෙසේ සඳහන් වේ.

”මෑත කාලයේ හොඳම ක්‍රීඩා සභාව පත් කිරීම පිළිබඳව නාමල්ට සුභ පැතුම්. නමුත් ඔබේ බාප්පාගේ ‘රාජාසන’’ කථාව විකෘති බහුතරවාදී දැක්මක් මත පදනම් වු අතර, ශ්‍රී ලංකාව ‘දැවැන්‍ත පසුපස පිම්මකට’ සූදානම් විය යුතුය යන මගේ බියකරු සිහිනය සනාථ කරයි.

MS Twitter

 

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට මහේල

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ සිදුකල අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

01.හිටපු නායක මහේල ජයවර්ධන- සභාපති
02.හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර – කමිටු සාමාජික 
03.යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා – කමිටු සාමාජික 
04.රෝවේනා සමරසිංහ – කමිටු සාමාජික
05.සංජීව වික්‍රමනායක – කමිටු සාමාජික 
06.ජුලියන් බෝලිං  – කමිටු සාමාජික 
07.යශ්වන්ත් මුතුතෙට්ටුවගම  – කමිටු සාමාජික 
08.සුපුන් වීරසිංහ  – කමිටු සාමාජික 
09.කස්තුරි විල්සන් – කමිටු සාමාජික 
10.රුවන් කෑරගල  – කමිටු සාමාජික 
11.රාජිත අම්පෙමොහොට්ටි  – කමිටු සාමාජික 
12.රොහාන් ප්‍රනාන්දු  – කමිටු සාමාජික 
13.මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව – කමිටු සාමාජික 
14.අමල් එදිරිසූරිය – කමිටු සාමාජික 

National Sports Council 2020

ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් අතර වේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය අනුව නව ක්‍රීඩා පනතක් සහ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තිමය තත්ත්වයකට නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අමාත්‍යවරයා වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මූලික කරගත් විශේෂ වැඩසටහන් සඳහා මඟ පෙන්වීම ද ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.

නාමිකව උපදෙස් පමණක් ලබාදෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිඵල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස නව ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ එහිදී පෙන්වා දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article