spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම්පායෝ ඇල්ලීම රඟපෑමක් ! මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකගේ අධ්‍යක්ෂණයක්..?

Must read

මෑත ඉතිහාසයේ කුප්‍රකට රාජ්‍ය නිළධාරියෙකු ලෙසින් රටම හදුනාගෙන තිබුනේ මීගමුව බන්ධනාගරයේ හිටපු අධිකාරි සම්පායෝය.ඊටත් නොදෙවෙනි තරමට සම්පායෝගේ අත්අඩංගුවට ගැනිම එහෙම පිටින්ම රඟපෑමක් බවට පත්කරමින් එය කදිමට අධ්‍යක්ෂණය කළ මිගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාද දැන් රටේම කථාබහට ලක්වු අයෙකු බවට පත්ව තිබේ.
මේ නිසාම දැන් ඔහු ගැන පුර්ණ විමර්ශනයක් කිරිම සඳහා නීතිපතිවරයා විසින් නියෝග දි තිබේ.Screenshot from 2020-08-05 10-29-15

වරෙන්තු ලැබ සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක්‍රියාකළ ආකාරය පිළිබදව සහ එම අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වහාම දැනුම් දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි ලංකාදිප වෙබ් අඩවියද අද වාර්ථා කොට තිබුණි.
එහි වැඩිදුරටත් මෙසේද සදහන් වේ

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ අස්සනින් වැඩ බලන පොලිස්පතිවරයාට යවා ඇති පිටු තුනකින් යුත් එම ලිපියෙන් දන්වා ඇත්තේ විමර්ශනයට අදාළ  වාර්තාව ලබන 31 වැනිදාට පෙර ලබා දෙන ලෙසය.අනුරුද්ධ සම්පායෝ නමැති සැකකරු අත්අඩංගුවට ගත්තේ උපක්‍රමශීලීව සාර්ථක බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර එමගින් අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් මහජනතාව නොමග යවා වගකීම් විරහිතව කටයුතු කර ඇති ආකාරයක් අනාවරණය වන බැවින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස එම ලිපිය මගින් දන්වා ඇත.

වරෙන්තුකාර මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ නමැත්තා මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට නොගෙන පූර්ණ සැලසුමක් සහිතව සාදරයෙන් පිළිගැනීමක් සිදුකර කළද බවට සී සී ටී වී දර්ශනවලින් පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ද එම ලිපියෙන් දක්වා ඇත.

මෙම සිද්ධියේ සැකකරුවකු වන අනුරුද්ධ සම්පායෝ යන අය පොලිස් භාරයට ගත් ස්ථානයේ සී සී ටී වී දර්ශන අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසත් පොලිස් ජිප් රථයකින් ද ඊට පසුපස වෑන් රථයකින් පැමිණ සිටි අනුරුද්ධ සම්පායෝ නැමැත්තාගේ සහෝදරයා ඇතුළු පිරිසත් දර්ශනය වන බව එම ලිපියේ සදහන් කර ඇත.

පසුව, අනුරුද්ධ සම්පායෝ නමැත්තා රතු පැහැති ඩිස්කවරි ස්පෝට්ස් වර්ගයේ ජීප් රථයකින් එම ස්ථානයට පැමිණ රථයෙන් බැස මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ රථය අසලට ඇවිද යන ආකාරයත් එම අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ මහතා තම ජංගම දුරකතනයෙන් යමකු අමතමින් සිට එම දුරකතන ඇමතුම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ට කතා කිරීමට සලස්වන අයුරු එම සී සී ටී වී හි සටහන් ව ඇතැයි වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායෝ නමැත්තාගේ අත පා ඔහු සුහදව පිළිගන්නා ආකාරයත් හොඳින් නිරීක්ෂණය වන බව ද එම ලිපියෙන් සඳහන් කර ඇත.xAnurudda-Sampayo-2020.0802.jpg.pagespeed.ic.J18qGIgChE

ඒ අනුව මොවුන් මාධ්‍ය ආයතනයක පුද්ගලයකු පැමිණෙන තෙක් කල්ගත කළ බවට පෙනී යන අතර මාධ්‍යවේදියාගේ ජංගම දුරකතනයෙන් අනුරුද්ධ සම්පායෝ යන සැකකරු හට මාධ්‍යයට කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින්ම ලබාදී ඇති බව පැහැදිලි වන බවද එහි සඳහන් කර තිබේ.මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අගෝස්තු මස 2 වැනිදා සිදුකළ සාර්ථක බුද්ධි මෙහෙයුමකින් අනතුරුව අනුරුද්ධ සම්පායෝ යන සැකකරු අත්අඩංගුවට ගත් බවට මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සටහන් තබා තිබුණ ද එය මෙහෙයුමකින් සිදුකළ අත්අඩංගුවට ගැනීමක් නොවන බවට සී සී ටී වී දර්ශන නැරඹීමේදී අනාවරණය වී තිබෙන බව ද ලිපිය මගින් දැනුම් දී ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනාරාල් වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා යවා  ඇති පිටු 3 කින් යුත් ලිපියට අනුව මිගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා සම්පායෝ නාටකයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා බව ඉතා පැහැදිලිය.
එය සහය අධ්‍යක්ෂණයෙන් දායකවන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය.
මේ දෙදෙනාම සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම දැවැන්ත කැලලක් සම්පායෝ සිදුවිම හරහා දැනටමත් ඇතිකර තිබේ.
දේශපාලකයන්ට මෙන්ම වෙනත් ලොක්කන්ට පක්ෂපාතිව කටයුතු කිරිම තවත් සිදුවිම් කිපයකටම මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ නම පසුගිය කාලය තුල ගෑවි තිබුණි

vudler

මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකගේ ඩබල් ගේම්

Screenshot from 2020-08-04 06-53-36
මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර්ගේ ඩබල් ගේම් ගැන මෙහිදි විශේෂ සටහනක් තැබිය යුුතුව තිබේ.
එනම් සම්පායෝට මාධ්‍ය හරහා කිමට අවැසි දේ කිමට ඉඩ සලසා දෙන මිගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා සම්පායෝව මිගමුව පොලිසියට ගෙන ඒමෙන් පසු පසු සම්පායෝලට තේ පැන් සංග්‍රහයක් පවත්වා ඇති අතර සම්පායේ අත්අඩංගුවට ගැනිම වාර්තා කිරිම සදහා ඇද හැලුන වැසිද නොනකා පොලිසිය තුල රැදි සිටි මාධ්‍යවේදින්ට ඒ අවස්ථාව රූගත  කිරිමට ඉඩ නොදුන්නා පමණක් නොව සිය නිළධාරියෙකු ලවා පොලිස් තගක් දැමිමටද කටයුතු කර තිබුණි
මුලාශ්‍රය- lankadeepa.lk

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article