spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ධිවරයන්ට කොරෝනා නෑ !නාගරික මන්ත්‍රි සංගීත් කියයි ( විඩියෝ )

Must read

Screenshot from 2020-10-31 10-30-52

Screenshot from 2020-10-31 10-30-58Screenshot from 2020-10-31 10-30-59

ඊයේ සවස දෙරණ පුවත් විකාශය තුලදි මිගමුවේ කොරෝනා ආසාදිතයන් ලෙසින් හදුනාගත් 48 දෙනාගෙන් බහුතරයක් ධිවරයන් යැයිද සෙසු පිරිස පෑලියගොඩ මාළු වෙළද සැලට ගිය අය බවද කියමින්  විකාශය කළ පුවත නිවරදි නොවන බව ධිවර ප්‍රජා නායකයන් කිපදෙනෙකු මිපුර වෙබ් අඩවිය අමතා කියා සිටියේය.

shiran fernando
මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව දැන ගැනීම සඳහා අප මීගමුව, පිටිපන ධීවර නායකයෙකු මෙන්ම හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ශිරාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙවන් අදහසකි

දෙරණ TV නාලිකාව විසින් ඊයේ (31) රාත්‍රි 10.00ට ඉදිරිපත් කළ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශණය තමන් අසා සිටි බවත් , එය සාවද්‍ය තොරතුරක් බවත් ඔහු පෙන්වා දෙන ලදී. මේ අවස්ථාවේදී කළ PCR පරීක්ෂණයේදී කිසිදු ධීවරයෙකු ආසාධිත වී නැති බවත්, මේ අනුව හඳුනාගෙන තිබුනේ පෑලියගොඩ මාළු වෙළඳ පලට සම්බන්ධ පිරිසක් බවත්ය.
ශිරාන් මහතා තව දුරටත් කියා සිටියේ මේ පුවත නිසා මීගමුවේ ධිවරයන් පිළිබදව වැරදි අවබෝධයක් පැතිර යන බවත් ඒ නිසාම  තමන්ගේ දැඩි විරෝධය පළ කරන බවත්ය

සංගීත්

මේ අතර මීගමුව දූව ප්‍රදේශයේ ධිවර ප්‍රජා නායකයෙකු මෙන්ම මීගමුව මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රීවරයෙකුද වන සංගිත් පෙරේරා කියා සිටියේ වාර්තා වන අන්දමට මෙසේ ආසාදිතයන් බවට ඇති පිරිස පෑලියගොඩ මාළු වෙළඳ පලත් සමඟින් ගණුදෙනු ක අයවලුන් බවය.ඒ අනුව දෙරණ පුවත විසින් කියන අන්දමට වෘත්තිය ධීවරයන් කිසිවෙකුත් මේ ආසාදිතයන් අතර නැතැයි පැහැදිලිව කිය යුතුයැයි අවධාරණය කර සිටියේය.

මෙවන් අවස්ථාවක දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් , සිදුවන්නේ මහජනතාව අපහසුතාවයට පත්වීම බව කිව යුතුය. ඒනිසා තමන් පළ කරන ප්‍රවෘත්ති හෝ දැනුම් දීම් ගැන දැඩි සොයා බැලීමකින් පසු නිවැරදි තොරතුරු පමණක් ප්‍රකාශයට පත්කරන ලෙස මේ ධිවර ප්‍රජා නායකයන් මාධ්‍ය වලින්  ඉල්ලා සිටින ලදි

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article