spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ රථවාහන සැලැස්ම පාලනය කරන්නේ නාගරික කොමසාරිස්ද? සුරියආරච්චිද ? නැතිනම් රථවාහන පොලිසියද ?

Must read

Outside-lead-1-traffice-policeමීගමුව නගරය තුල දැනට ක්‍රියාත්මක රථවාහන සැලැස්ම ඉතාමත් සාර්ථක අකාරයෙන් දැනට වසර 2 කකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පෙරට යමින් තිබේ.
මීගමුව ඉතිහාසය තුල දිර්ඝතම  කාලයක්  ක්‍රියාත්මක one way සැලැස්ම වන්නේද මෙයයි.
මීට පෙර one way ඇතිකරන ලද සෑම අවස්ථාවකදිම ඇතැම් ව්‍යාපාරිකයන් දේශපාලකයන් ලවා එය නවාතාලිමට කටයුතු කර තිබුණි.
එහෙත් දැන් තත්වය වෙනස්ය.
දේශපාලකයන් ලවාද මෙය අවුල් කරලිමට ඇතැමුන් කල්පනා කළද එය අසාර්ථක වුයේ මීගමුවේ රථවාහන සැලැස්ම සුරැකිම සදහා දැනුවත් කණ්ඩායමක්  නිරන්තරයෙන්ම අවදියෙන් සිටින නිසාය.
මීපුර වෙබ් අඩවිය ඒ කණ්ඩායම තුල සිටින එක් ප්‍රබල මැදිහත්කරුවෙකුද වෙයි.
තතු මෙසේව තිබියදි කටාන ප්‍රදේශයේ සුරියආරිච්චි නැමැත්තෙකු විසින් දිගින් දිගටම මෙම රථවාහන සැලැස්මට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගණිමින් සිටින බව අප දනිමු.
පසුගිය දිනක ඔහු විසින් අප අමතා කියා සිටියේ අපට විරුද්ධය නීතිය මගින්ද කටයුතු කිරිමට යන බවය. එමෙන්ම එහිදි ඔහු කියා සිටියේ දැනට ක්‍රියාත්මක රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයාගෙන් කිසිදු අවසරයක්ද ලබාගෙන නැති බවට වන ලිඛිත ප්‍රකාශයක්ද තමන් සතු බවය.
එමගින් ඔහු කියන්නට උත්සාහ කළේ තමන් මෙයට විරුද්ධ බවත් එය සුරකිමට කටයුතු කරන අපටද එරෙහිව හැකි සෑම දෙයක්ම කරන බවත්ය.
අපට සුරියආරච්චිට කියන්නට ඇත්තේ මීගමුව නරගයේ නුතනත්වය කරා යන මේ ගමනට  අකුල් හෙළන සියළු මැදිහත්විමට වලට එරෙහිව මිපුර අප එදා මෙන්ම අදත් ,හෙටත් කොන්දේසි විරහිතව  කටයුතු කරන බවත් එලෙස එරෙහිවන්නන් කව්රුන් දැයි  මීගමුවේ ජනයා හමුවේ හෙළිදරව් කරන බවත්ය.
කටානේ සුරිආරච්චිට මීගමුවේ සාර්ථක රථවාහන සැලැස්මට විරුද්ධ වන්නට ඇති අයිතියට අප ගරුකරන නමුදු දැනට ක්‍රියාත්මක one way සැලැස්ම අවුල් කිරිමට කිසිලෙසකින්වත් ඉඩනොදෙන බවද දන්වා සිටිනු කැමැත්තෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article