spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ලෙල්ලම් වසා දමා අදට දින 5ක් ? භුමිතෙල් සටනට තාමත් සාධාරණයක් නෑ.!

Must read

ධිවරයන්ට රැකියාවට යාම සදහා පසුගිය මාස 3 කට අධික කාලයක් භුමිතෙල් තිබුනේ නැත . මේ සම්බන්ධයෙන් විවිධ බලධාරින් සමගින් සාකච්ජා තිබුනද විසදුම් ලැබුනේ නැත.
මේ පසුබිම තුල මිගමුවේ ධිවරයෝ පෙරියමුල්ලේ කදවුරු බැද ගෙන අඛණ්ඩ විරෝධතාවයකට මුල පිරිය.
එය දිගටම ක්‍රියාත්මකය.

එයට සමගාමිව මිගමුවේ කොටුව පිට්ටනිය අසල ලෙල්ලම මෙන්ම ඒ් අසල සියළු කඩද වසා දමා තිබේ.කරවල නිෂ්පාදන කටයුතුද නවතා දැමිමට ධිවර අරගල ක්‍රියාකාරින් විසින් කටයුතු කර ඇත.
මේ සියල්ල එසේ ක්‍රියාත්මකව තිබියදි ඉතිහාසයේ වැඩිම භුමිතෙල් මිළ මේ සතියේ ඉදිරිපත් විය.ඒ් රු 253 ක වැඩිවිමකි.
දැන් භුමිතෙල් ලිටරයක් රු 340 කි.

භුමිතෙල් නොමැතිකම හේතුවෙන් ධිවර ජනජිවිතය අන්තයටම කඩා වැටි තිබියදි මේ ආකාරයෙන් භුමිතෙල් මිළ ඉහල දැමිම යනු ධිවර කර්මාන්තය එහෙම පිටින්ම වල පල්ලට යැවිමකි.

මේ අතර කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ධිවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත කියා සිටියේ  භුමි තෙල් මිල වැඩි කිරීම මගින් සුළු පන්න ධිවරයාගේ රැකියාව අහිමි කොට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සාගර සම්පත අයිති කර දීමේ සැලසුමක් ඇත්දැයි සැක මතුව ඇති බවයි.

“පහුගිය කාලේ ආණ්ඩුව ගෙනාවා ධීවර ප්‍රතිපත්තියක් හැටියට මේ රටේ සුළු පන්න ධිවර කර්මාන්තය අඩාල කිරීමේ යෝජනා. ඒ කියන්නේ අලුතෙන් බෝට්ටු නිශ්පාදනය තහනම් කෙරුවා. එගොල්ලන් ගෙනාවා අඩි 55 න් එහා බෝට්ටු විතරයි නිශ්පාදනය කරන්න පුළුවන් කියලා. ඒවාට සීයයට පනහක සහනාධාර දුන්නා. ”
දිනකට භුමිතෙල් ලීටර 40 ක් පමණ භාවිත කරන සුළු පන්න ධිවරයෙකුට භුමිතෙල් හා ඔයිල් මිලදී ගැනීම සදහා රුපියල් 15000 ක් දහසකට වැඩි මුදලක්  වැය කිරීමට සිදු වන අතර එය දරාගත නොහැකි වියදකමක් බව තවදුරටත් ඔහු අවධාරණ්‍ය කර සිටියේය .

“ඊට අමතරව අපි ඔයිල් පාවිච්චි කරනවා. ඔයිල් මිල තිබුනේ රුපියල් 650 ට. අද වෙන කොට රුපියල් 3000 ක් වෙනවා. ”

පවතින තත්වය හමුවේ කඩිනම් විසදුම් ඉල්ලා සතියකව වැඩි කාලයක් තිස්සේ ධීවරයන් සිය පවුල් වල සාමාජිකයන් ද සමග හලාවතදී විරෝධතාවයක නිරතව සිටියද ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වගකිවයුතු නිලධාරියෙකු එහි නොපැමිණි බවටත් අරුණ රොෂාන්ත චෝදනා කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article