spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ සුන්දර වෙරළ කරවල නිෂ්පාදකයින්ගේ ග්‍රහනයෙන් මිදෙන්නේ කවදාද?

Must read

 

මීගමුව කුට්ටිදුවේ කරවල නිෂ්පාදන භූමිය එදා සාමාන්‍ය ජනතාව පවුල් පිටින් පැමිණ ගිමන් හැරෙමින් සතුටින් කාලය ගත කළ අතර පසුව එය කරවල නිෂ්පාදනය සඳහා මාළු වේලෙන අයගේ පාරාදීසියක් බවට පත්කරගෙන ඇතැයි ජනතාව පවසති.

මීගමුවේ ධීවර වෘත්තීයෙහි යෙදී සිටි ඇතැම් පිරිසක් කෝකිලායි මන්නාරම ඇතුළු උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සංක්‍රමණික ධීවරයන් වශයෙන් ගොස් රැකියාව කරමින් ජීවත් වූහ,පසුව යුද්ධය පැවති සමයේ ඔවුන්ට එම ප්‍රදේශවල ජීවත්වීමට නොහැකි වී තමන්ගේ ගම් බිම් වලට පැමිණියහ ,එම පිරිසෙන් වැඩි දෙනෙක් කරවල නිෂ්පාදනය සඳහා යොමු වී ඒ සඳහා කුට්ටිදූව මුහුදු තීරය තෝරා ගත්හ,අද වන විට එම සංක්‍රමණික ධීවරයන්ගේ පවුල් බොහොමයක් මීගමුවේ සිට කරවල නිෂ්පාදනය කරමින් සිය ජීවිකාව කරගෙන යති,

කරවල නිෂ්පාදනය හොඳය,බොහෝ පිරිසක් එයින් යැපෙති,එහෙත් මේ නිසා සිදු වූ විපාකය ගැන කතා කිරීමට පවා නොහැකිව එම කරවල ව්‍යාපාරිකයෝ බලවත්ව සිටිති,බොහෝ කාලයක් සිට අතීතයේ සිටයයි කිවහොත් එය නිවැරදිය මීගමු හා අවට ගම්වල ජනතාව පවුල් පිටින් පැමිණ ගිමන් හරිමින් සතුටු සාමිචියේ යෙදෙමින් කාලය ගත කළ එම භූමි කොටස එම කරවල ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට හසුවී හමාරය.

මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලය,මීගමුව පැරණි තානායම,මීගමුව කොටුව ක්‍රීඩාංගණයට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ කරවල නිෂ්පාදනය නිසා තමන්ට අහිමි වී ගිය වරප්‍රසාද ගැන කොතෙක් කරුණු පැහැදිලි කළත් ඒ සඳහා පිළිතුරක් නොලැබුණු බව කියයි,කරවල නිෂ්පාදනය හොඳය ,එම ව්‍යාපාරය තුළින් ඇතැම් පිරිස් වක්‍රව හා සෘජුව ආදායම් ලබමින් ජීවත්වන බව පැහැදිලිය,එහෙත් මීගමුවේ පුරවැසියාට මෙම මුහුදු තීරයේ සිදුවෙන මාළු කරවල කිරීමේ ව්‍යාපාරය නිසා අහිමි වී ගොස් ඇති මානුෂික වරප්‍රසාද ගැන කතා කිරීමේ කාලය එළඹ ඇතැයි පුරවැසි සංවිධාන කියති.එම ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා වෙනත් සුදුසු භූමියක් එම අයට ලබාදීම යෝග්‍ය බවද ඇතැම් අයගේ අදහසක් පවතී.

රේමන්ඩ් අපෝන්සු

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article