මීගමුව ඔරලෝසු කනුව මැදිකරගෙන මතුවූ ජනගඟ ඉදිරියටම….

0
180


ඊයේ ( 09 දා ) සුනාමියක් සේ ක්ෂනිකව මතුව ආ ජනගඟක් මීගමුව නගරය පුරා විශාල සර්පයෙකු සේ ඇදී යන ආකාරය අපි දැක්කෙමු. ඒ ප්‍රදේශ කිහිපයක් මුල් කරගෙන මතුවූ ජනතා ප්‍රශ්ණයක් හේතුවෙනි .
ආණ්ඩුව ජනතා ඉඩ කඩම් පිටරටට ( චීනෙට ) දීමට වන සූදානමක් නිසා මෙසේ ජනතාව කැලඹී ඇතිබව පෙනින. ක්ෂනිකව ඔවුන් මෙසේ එක් රොක්වී ඇත්තේ එකී ප්‍රශ්ණය සහ රටේ බඩුමිල ඉහළ යාම, ගොවියා මුහුණ දී ඇති ප්‍රශ්ණය , පාස්කු ප්‍රහාරය , රට මිලිටරිකරනයට ලක් කිරීම ආදී විවිධ ප්‍රශ්ණ පදනම් කරගෙනය.
පියතුමන්ලා පෙරටුකරගත් මීගමු පුරවැසි කමිටුව ඇතුළු සංවිධාන කිහිපයක් මෙම උද්ඝෝෂණය සූදානම් කර තිබුණු අතර හෙට දිනයේදී ආණ්ඩුවට එරෙහිව විශාල අරගලයක් කරමින් පාලකයින්ගේ මෙම අමන තීරණය පරාජය කරන බව උද්ඝෝෂකයෝ පැවසිය .
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here