ගංවතුර නිසා පීඩාවට පත්වී සිටින තිඹිරිගස්කටුව ජනතාව …

0
295


මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව නිසා පාරවල් සහ පහත්බිම් වල පදිංචිව සිටින ජනතාව ගංවතුරෙන් පීඩාවට ලක්ව සිටිති . එසේම දිවුලපිටිය පාරේ පහත් ප්‍රදේශ වල ජලය එකතුවී වාහන තදබදයක්ද නිර්මාණය වී තිබිණ .
කටාන , මීගමුව ප්‍රදේශ ආශ්‍රිතව පවතින මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ කානු සහ ඇලවල් පිරිසිදු කිරීමාදිය සිදු නොවීමයි. නිසිලෙස ලෙස නඩත්තු කටයුතු සිදු නොවීම නිසා සමහර ඇලවල් සහ කානු වසාගෙන කැලෑවල් නිර්මාණය වී ඇත. සමහර තැන්වල ප්ලාස්ටික් බෝතල්, කුණුරොඩු ආදිය නිසා ජලය නිසි ලෙස ගලායාමට එය බාධාකාරී ලෙස පවතී.
මෙය මෙම පහත් බිම්කඩවල ජීවත්වන ජනතාව මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයයි. මේ සඳහා ජනතාවද වගකිවයුතු අතර වගකිවයුතු බලධාරීන්ට ද නිශ්චිත වැඩපිළිවෙළක් නැත .
එබැවින් මෙම ජනතාවට තාවකාලිකව පාන්ගෙඩියක් දී සනසනවා වෙනුවට නිශ්චිත වැඩපිළිවෙළක් අනුව මෙම ගංවතුර ප්‍රශ්ණය විසඳීමට කටයුතු යොදන මෙන් අප බලධාරීන්ට අවධාරණය කර කියා සිටිමු .

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here