spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව, කටාන, ජා ඇල, වත්තල ජනතා මනාපය කාටද? 2020 ජනතා මතය………

Must read

gampaha-gossip-news-1-800x445

2015 දී මන්ත්‍රී දුරයන් ලැබූ දෙදෙනෙකු කතෝලික කලාපයේ මනාපයේ පීඩනයට ලක්වෙයි.

  • පාස්කු ප්‍රහාරයේ වාසිය පොහොට්ටුවට නැවත අත්වෙයි ද?
  • බහුතරයක් ඡන්ද කතෝලික කලාපයෙන් ලැබෙයිද?
  • නිමල් ලන්සා අපේක්ෂිත මනාප ඉලක්කය වෙත යාමේ අභියෝගයක
  • රන්ජන් දිනලා ඉවරයි විජයමුණි තරගයේ ඉබ්බා වෙයි ද?
  • ලලන්ත ගුණසේකර කතෝලික කලාපයේ ආකර්ෂණය වීම බලපාන්නේ කාටද?
  • සුදර්ශනී සහ කාවින්ද පසුපසට තල්ලු කල මනාපයේ අරගලය

ගම්පහ දිස්ත්‍රික්කයේ කලාප දෙකක් වශයෙන් ගෙන මෙවර මැතිවරණ විශේෂනගය ඉදිරිපත් කරනු ලබන්නේ ජාති ආගම වශයෙන් ජනතාව බෙදීමට නොව අපගේ මැතිවරණ විශ්ලේෂණයේ පහසුව සහ වැඩිම ඡන්ද දායකය පිරිසක් සිටින ගමපහ දිසාවේ ජනතාවට වඩාත් සත්‍ය වූ තොරතුරු සැපයීමට බව සදහන් කරමි ගම්පහ දේශපාලන වේදිකාවෙන් සහ ආසන 13 තුනම නියෝජනය වන පරිදි අප වෙබ් අඩවිය විසින් පලකරන මැතිවරණයට පෙර මග සලකුණු විශේෂාංගය මෙවර කොටස් වශයෙන් පලවන අතර ඒ විශ්ලේෂණය වඩාත් කරුණු සහිත කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හෝ අපහසු තාවයකට පත්වන අයුරින් නොවන අතර අප වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් සහ සමාජ විශ්ලේෂණ තොරතුරු අනුසාරයෙන් මෙම විශේෂාංගය ගම්පහ ගොසිප් වශයෙන් දැනට කොටස් හටහරක් පළකර ඇත එම සියලු කොටස් වලින් ගම්පහ වත්මන් දේශපාලනයේ යටගියාව සහ පවතින තතු ඒ ආකාරයෙන් වඩාත් විශ්වාස වන්තව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

  • මෙවර අප වාර්තා කරන්නේ ගම්පහ කතෝලික ජනතාව වැඩි වශයෙන් සිටින කලාපයේ ජනතා මනාපය ගැනය
  • ගම්පහ කතෝලික කලාපය වශයෙන් මීගමු,ව කටාන, ජා-ඇල, වත්තල ආසන හතරෙහි ජනතා කැමැත්ත සම්බන්ධයෙන් විමසා බලමු

මෙම කලාපය සෑම මැතිවරණයකදීම දක්ෂිණාංශික බලවේගයන් ජයග්‍රහණය කරන කලාපයක් වන අතර කාටන ආසනය පමණක් වාමාංශික ආසනයක් ලෙස ප්‍රකටය එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කතෝලික කලාපය ජයග්‍රහණය කරන ලදී. එහෙත් මීගමුව සහ වත්තල ආසන දෙක ජයග්‍රහණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් වුවද කාටන සහ ජා- ඇල යන අසන දෙක විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කල ගෝඨාභය රාජපක්ෂ මහතා ගම්පහ කතෝලික කලාපයේ ජයග්‍රහණ ලබාගන්නා ලදී

වර්තමානයේ එම මැතිවරණ ප්‍රථිපලය වලංගුද විමසා බැලිය යුතුමය

2015 සිට පැවති රජයට කතෝලික කලාපයේ ඡන්ද අහිමි වීමට බලපෑ ප්‍රධාන හේතුව පාස්කු ඉරුදින ප්‍රහාරය විය එම ප්‍රහාරයේ ප්‍රබලම පරහාරය එල්ලවූ කටුවපිටිය දේවස්ථානය පිහිටා ඇත්තේ මීගමුව සහ කටාන ආසන සීමාවේ වන අතර එම සිදුවීම පාලක පක්ෂය වෙත දැඩිව බලපාන ලදී එම මැතිවරණයේදී බොහෝ දෙනා සිතුවේ මීගමුව ආසනයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවයි එහෙත් වෙනදා එජාපය ප්‍රමුක අපේක්ෂකයා ජයග්‍රහණ කරන්නේ වැඩි ඡන්ද තිස්දහස ඉක්මවා වුවද මෙවර සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කලේ වැඩි ඡන්ද දස දහසක ප්‍රමාණයකිනි එයද වැඩි මුස්ලිම් ප්‍රජාවක් මීගමුව නියෝජනය කිරීම නිසාය

වර්තමාන රජයට එදා පාස්කු ප්‍රහාරයේ වාසිය අත්වේද ??

එය මෙවර මැතිවරණයේදී එතරම් සාධකයක් වීමට ඉඩ අඩු වන්නේ එදා පාලක පක්ෂ විපක්ෂයට තල්ලු වීමත් එදා එම ප්‍රහාරය දැඩිව විවේචනය කල විපක්ෂය ආණ්ඩු බලය හෙබවීමත් නිසා ජනතාව දැන් ඡන්දය කිරමින් මනිමින් සිටින්නේ පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් තවමත් නිදැල්ලේ බවට කතෝලික ජනතාව විශ්වාස කරන නිසාය.

මේ සියලු වාසි අවාසි තත්වයන් අතර දැන් මැතිවරණ සටන ආරම්භ වී ඇත covid -19 යෙන් කබලෙන් ලිපට වැටුණු ආර්ථිකයක් සහිත මිනිසුන් සිටින මෙම කලාපයේ ජනතාව මෙවර මැතිවරණයේදී ගන්නා තීරණය පක්ෂ විපක්ෂ සියලු දෙනාට වැදගත් වනු ඇත එහි වැඩි වාසි අවාසි කීමට තව කල් වැඩිය ඉදිරි විශ්ලේෂණයකින් එය පැහැදිලි කරන අතර එකක් පමණක් කීමට හැක මද්‍යස්ථ ඡන්ද දායකයන් තවමත් නිහඩ වීම නිසා ප්‍රථිපලය කීමට අපහසු වී ඇති අබ කිව යුතුය.

එහෙත් ජනතා විශ්වාසය ගොඩනැගුණු දේශපාලන චරිත ගැන කිව යුතුය ඒ මේ මැතිවරණය මනාප සටනක් නිසා එම විශ්ලේෂණය වැදගත් වනු ඇත

එහෙත් ජනතා විශ්වාසය ගොඩනැගුණු දේශපාලන චරිත ගැන කිව යුතුය ඒ මේ මැතිවරණය මනාප සටනක් නිසා එම විශ්ලේෂණය වැදගත් වනු ඇත පසුගිය 2015 මහ මැතිවරණයේදී මෙන්ම මෙම කලාපයේ මනාපය ඉහලින්ම ජනතා විශ්වාසය තබාගෙන ඇත්තේ පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුනාග සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් රන්ජන් රාමනායක යන මහත්වරුන්ය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප සටන කෙසේද?

ප්‍රසන්න රණතුංග කතෝලික කලාපයේ සිටී නාලක පසුපස හබ යයි

මෙම කලාපයේ ගියවර ජයග්‍රහණය කල අපේක්ෂකයන් දෙදෙනෙකු මෙවර මැතිවරණයේදී දැඩි ලෙස පල්ලම් බැස ඇත ඒ හිටපු රාජ්‍ය අමත්‍යවරියක් වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහ හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාය ඔවුන් දෙදෙනා මෙවර කතෝලික කලාපයෙ ජනතා ප්‍රසාදය අඩුවීම සිදුව ඇත එම කලාපයන් වල වැඩිම මනාපය ලබමින් පාර්ලිමේන්තු වරම් ලබාගත් මොවුන් දෙදෙනා වෙත මෙවර මනාප පීඩනයක් එල්ලවී ඇත සුදර්ශනී වෙත ඇති ලොකුම පීඩනය මෙවර නවක තරග කරුවන් දෙදෙනෙකු වන ලලන්ත ගුණසේකර සහ ආනන්ද හරිස්චන්ද්‍ර ගෙනි ඔවුන් දෙදෙනාවම පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයන් දෙදෙනෙකි එමෙන්ම ලලන්ත ගුණසේකර තරුණයන් ඇතුළු සියලු දෙනා අතර ජනප්‍රිය චරිතයකි ඔහු සීදුව කටුනායක ප්‍රදේශයේ ඉහලින්ම ජනප්‍රියත්වයට පත්ව ඇත

කටානේ ආසන සංවිධායක මෙවර ආනන්ද හැරිස්චන්ද්‍ර වීමත් පසුගිය 2015 මහ මැතිවරණයේදී ලලන්ත සහ ආනන්ද යන දෙදෙනා තරග කිරීමට බලාපොරොත්තුව සිටියද එම ගමන වැළකුණේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සිදුකල දේශපාලන ගේමක් බව එම ප්‍රදේශවල පොහොට්ටු පාක්ෂිකයන් කාරණයකි එම නිසා සුදර්ශනී කටානේ පොහොට්ටු සංවිධායක දුරය අහිමි වන අතර ඇයට මීගමුවේ පොහොට්ටු සංවිධායක ලෙස කටයුතු කිරීමට සිදුව ඇත

එහෙත් සුදර්ශනීගේ ඡන්ද පදනම තියෙන්නේ කටානේ නිසා මෙවර මනාපයේ අර්බුධයට හසුව ඇත ඒ කටානේ මනාප තුන ප්‍රසන්න ,ලන්න්ත සහ ආනන්ද වෙත ලබාගැනීමේ මෙහෙයුම නිසාය.අනෙක් කාරණය අල්ලපු ආසනයේ එනම් දිවුලපිටිය ආසනය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ හිටපු මන්ත්‍රීවරයා කටානේ වැඩි බලයක් ගොඩනගමින් සිටීමය කටාන ආසනයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් ඉන්දික තම ලගට කර ගැනීමත් ආනන්ද හරිස්චන්ද්‍ර වෙත දිවුලපිටියේ කොටසක මනාපය ආනන්ද වෙත ලබාදීමට ඉදිරිපත් වීමත් හරහා ඉන්දික අනුරුද්ධ මහතා සිටින්නේ කටාන ආසනයේ බලාපොරොත්තු සහගත මනාපයක් අපේක්ෂාවෙනි.

නිමල් ලන්සා හිටපු නි. අමාත්‍ය වරයාද මෙම කලාපයේ මනාප සටනේ සිටින අතර ඔහු තනි තරගයක නිරතව ඇත ඒ නිමල් ලන්සා සමග මෙවර කිසිම අපේක්ෂකයෙක් එක් නොවීමට වගබලා ගැනීම නිසාය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සමගින් නාලක ,ලසන්ත අලගියවන්න එකතුව කතෝලික කලාපයේ එම ගොඩ මනාප ගොඩ ලබාගැනීමේ සටනක නිරතව ඇත ඒ සදහා හිටපු නි. අමාත්‍ය වරයෙකු වන සරණ ගුණවර්ධනගේ සහය ඔවුන් වෙත හිමිව ඇත.

හේතුවෙන් මනාපයේ පීඩනය නැවත තල්ලු වන්නේ සුදර්ශනී වෙතය මෙවර කටාන ඇතුළු කතෝලික කලාපයේ මනාපය වෙනුවෙන් පොහොට්ටුවේ අපේක්ෂකයන් අතර වැඩි මනාපය වෙනුවෙන් සීතල යුද්ධයක් හටගෙන ඇත

එහෙත් සියලු කරනා කිරා මැන බැලීමේදී ප්‍රසන්න රණතුංග මහතා සමග පොහොට්ටුවේ ඉදිරියෙන්ම සිටින්නේ ලලන්ත ගුණසේකර සහ ආනන්ද හරිශ්චන්ද්‍ර බව ජනතාව තුලින් මතුවන අදහසයි.එය තහවරු කිරීමට අප කටානේ ස්ථාන කිහිපයක සංචාරය කල අතර එහිදී පොහොට්ටුවේ බොහෝ දෙනාගේ මනාපය ලලන්ත සහ ආනන්ද වෙත ලබාදෙන බවට ඉගි පලවන ලදී ඒ 2015 සිට මහින්ද සුළග ඇරඹීමට ඔවුන් දෙදෙනා ගත් උත්සාහය නිසාය ඒ නිසා ලලන්ත ගුනසේක වෙත විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය ලබාදෙන ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් නයකයා නිසා ගම්පහ දිස්ත්‍රක්කයේ විසිරුණු ඡන්දයෙන් ඔහු ජයග්‍රාහී පොකුරට දැනටමත් පැමිණ ඇත

ගියවර මෙන් මෙම කලාපයේ නිමල් ලන්සා අපේක්ෂිත ඉලක්කය වෙත යාමට අසීරුය ඒ ඔහු වෙත ඇති ජනතා මනාපයේ කුකුස නිසාය ඔහු ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වන්නේ වත්තල සහ ගම්පහ අනෙකුත් අසන වෙතින් ලැබෙන මනාපයෙනි ජා ඇල මෙරිල් පෙරේරාද සැලකිය යුතු මනාපයක් ජා ඇල ආසනයෙන් ලබාගැනීමට සමත් අයෙකි ඒ ඔහු පොහොට්ටුවේ සංවිධායක සේම කාලයක සිට පළාත් සභාව නියෝජනය කල මන්ත්‍රීවරයෙකු නිසා ඔහු වෙත හොද අවස්ථාවක් ඇත. මෙරිල් පෙරේරා ජයග්‍රාහී පොකුර නියෝජනය කරනු ලබන්නේ ඒ නිසාය ඔහු සමග මනාප සටනට පැමිණ සිටින නලින් ප්‍රනාන්දු දේශපානයට ආධුනිකයෙකි එහෙත් ඔහු විශාල මුදලක් වියදම් කරමින් මැතිවරණ සටන මෙහෙයවනු ලබයි.

සමගි බල වේගයේ මනාප සටනද දිය යට ගින්දර ගෙනයන අයගෙන් ප්‍රවේසම් වීම කලයුතුය

  • රන්ජන්ගේ ඔලුව අතගාන විජමුණි පනින්න සැරසෙන පිම්මට කුමක් වෙයිද?
  • කාවින්ද වෙත සියලු පීඩනයන් වෙතින් පෙරට පැමිණීමට හැකිද?

සමගි ජන බලවේගයේ කතෝලික කලාපයේ මනාප සටනද ප්‍රබලය ඒ රන්ජන් රාමනායක එක පසකින් පෙරමුණ වෙත පැමිණ ඇති අතර තරුණ මන්ත්‍රීවරයෙකු වශයෙන් 2015 දී මෙම කලාපයෙන් ඉහල මනාපයක් හිමි වූ කාවින්ද ජයවර්ධන වෙත අමතර පීඩනයක් ලැබෙන්නේ මෙවර සමගි බලවේගයට කතෝලික කලාපයේ ප්‍රබලයින් රැසක් ඉදිරිපත්වීමත් ඔහුට වැඩි මනාපයක් ලැබෙන ජා ඇල ආසනයට සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම නිසාය ඒ නිරෝෂා අතුකෝරල සහ ශිරන්ත ප්‍රනාන්දු හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා මෙවර ජා ඇළ ආසනය තුල ක්‍රියාත්මක වීම නිසාය.

කාවින්ද නියෝජනය කරන මීගමුව ආසනය තුල කලක පටන් රොයිස් ගේ සහ කවින්දගේ ආරවුල නිසා ඔහු වෙත මීගමුවේ මනාපය අභියෝගයක් වනු ඇත එසේම කටානේ නව සංවිධායක විජයමුණි සොයිසා හිටපු අමාත්‍ය වරයා සෙමින් ආරම්භ කල මැතිවරණ ව්‍යාපාරය දැන් දැන් ප්‍රබල කරමින් ඇත ඔව්හු කටානේ සමගි බලවේගයේ සන්විධයක වන අතර ඔහුගේ මැතිවරණ කාර්යාලය පවත්වාගෙන යන්නේ මීගමුවේ නිසා ඔහු උපක්‍රමික අපේක්ෂකයෙක් බවට පත්ව ඇත.

රංජන රාමනායක වෙත මීගමුව ඇතුළු කතෝලික කලාපය සෑම මැතිවරණයකදී මෙන්ම මෙවරද සාර්ථකය. ඔහු වෙත කතෝලික කලාපයේ මෙන්ම ගම්පහ දිසාවේ සමගි බලවේගයේ පොදු මනාපය වෙන්වී ඇත එහෙත් රන්ජන් දිනුවා යයි ගෙදර වැඩ අතපසු කලොත් විජමුණි ඉබ්බාගේ සහ හාවාගේ තරගය වෙත යාමට ඉඩ වැඩිය ඒ ඔහුගේ ඇති උපන්ගෙයි මුකාරී කට එම කලාපයට හොදට පෑහෙන නිසාය ඒ නිසා රන්ජන් රාමනායක වෙත ඇති ජනතා කැමැත්තේ දෙවැනි මනාපය විජයමුණි කැස කවන්නේ ඒ නිසාය

තැනට ගැලපෙන දේශපාලන චරිතයක් බවට පත්ව ඇති සොයිසා මෙවර ගම්පහ සමගි බලවේගයේ දෙයක් කල හැකි අපේක්ෂකයෙක් වී ඇත කතෝලික කලාපයෙන් අලුතෙන් එසවෙන අපේක්ෂකයා විජමුණි නිසා එහි පීඩනය ඇත්තේ කාවින්ද වෙත වීම නිසා මෙවර කතෝලික කලාපයේ මනාපයෙන් අසරණව ඇති අපේක්ෂකයෙකු බවට කාවින්ද පත්ව ඇත හිටපු පළාත් සභා මන්ත්‍රී මෙන්ම කටානේ සංවිධායක දුරය හෙබවූ රෝස ප්‍රනාන්දු හොද තරග කාරියක් බවට පත්ව ඇත. රෝස ප්‍රනාන්දු කටානේ සහ මීගමුවේ මනාපයේ බර තබා ඇත මේ සියලු දත්තයන් පසුගිය සතිය තුල වාර්තාවූ දත්තයන් වීමත් ඉදිරි මැතිවරණ විලෙෂණයන් තුල එම තත්වයන් තවත් විග්‍රහ වනු ඇත

ජාතික ජන බලවේගය වෙත කතෝලික කලාපයේ තත්වය කෙබදුද ඔවුන් මෙවර හොද ප්‍රතිපලයක් අපේක්ෂිතය ඔවුන් මනාප සටනාටක නිරතව නොමැති වුවද පක්ෂයක් ලෙස මෙම කලාපයේ සැලකිය යුතු පදනමක් නිර්මාණය කර ඇත ඒ ප්‍රධාන දේශපාලන ධාරාවන් වෙත ඇති ජනතා අප්‍රසාදය ඔවුන් නතු කර ගැනීම වෙනුවෙන් ඔවුන් මැතිවරණ සටනට බස ඇත එම කලාපයෙන් ඔවුන් වෙනුවෙන් මන්ත්‍රී අසුනක් වෙන් වීම කෙසේ වෙතත් එම කලාපයේ ලබන මැතිවරණ ප්‍රතිපලය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන එක දෙක වීමේ ඉලක්කය වෙත යාමේ සටනට එම ප්‍රතිපලය වැදගත් නිසා ඔවුන් කතෝලික කලාපය වෙත වෙනදට වැඩියෙන් බරක් තබා ඇත.
lankaabcnews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article