spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නාගරික කොමසාරිස් හොරුන් රැකීමේ කූට උපක්‍රමයක – මීගමුවේ යහපාලන නායකයන් මර නින්දේ

Must read

මීගමුව රාජපක්ෂ උද්‍යානයේ ප්‍රවේශපත්‍ර ආදායම් වංචා කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු මේ වනවිට මීගමුව නගර සභාව වෙත හිග මුදල් වලින් කොටසක් ලෙස ලක්ෂ 4කට ආසන්න මුදලක් බාරදි ඇති බව වාර්තා වේ.  මීගමුව නගර සභාවේ ඇති රජයේ විගනන අංශය විසින් හෙළිදරව් කරගෙන ඇති මෙම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණය අවසන් නොමැති අතර මෙම ලක්ෂ 36ක මූල්‍ය වංචාව රාජ්‍ය දේපළ හා මුල්‍ය වංචාවකි.  එබදු බරපතල වැරැද්දක් සිදුවූ පසු මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරිම සදහා පියවර නොගෙන එම පුද්ගලයන් හට සහනයක් සැලසීමේ ක්‍රමවේදයක් මිගමුව නගර සභාවේ කොමසාරිස්වරයා විසින් ක්‍රියාත්මක  කරමින් සිටී. එයට හේතුව ලෙස අනුමාන කළ හැක්කේ මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වගකිවයුතු තවත් පුද්ගලයන් මීගමුව නගර සභාවේ සිටින බවයි.

එසේම හොරුන් වුවත් තමන්ට හිතෙශිවන්ත පුද්ගලයින්ව සිය පුද්ගලික වාසි වෙනුවෙන් කොමසාරිස් බලතල යටතේ ආරක්ෂා කරන බව ත්  නොවේද?
මීගමුව නගර සභාව දූෂිතයින්ගේ හොර ගුහාවක් කළ දේශපාලකයන්ගේ සෙවනැලි තවමත් මෙම පාලනය තුළ හොල්මන් කරන අතර යහපාලනය ගෙන ඒම සදහා බලයට පත්වී ඇති  රජයේ නියෝජනය කරන මීගමුවේ නියමුවන්ද මෙවැනි වංචා දූෂන හමුවේ මුනිවත රකිමින් සිටිති. සමහර දේශපාලන නායකයින්ගේ  අදහස් වලට අනුව මීගමුව නගර සභාවේ බලය වෙනස්වන තෙක් කිසිවක් කිරීමට නොහැක. නමුත් ප්‍රශ්නය වන්නේ එතෙක් මහජන දේපල  හා මහජන බදු මුදල් වංචානිකයන් අතට පත්විය යුතද යන්නයි. මේ සිදුවන වංචා වලට එරෙහිව ජනතා  ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීම හෝ  හෝ ඉහළ ආයතන වලට බලපෑමක් සිදුකිරීමට නැවත ඡන්දයක් එන තෙක්ම සිටිය යුතුද?  යන්න  මෙවැනි දූෂිත පාලනයෙන් පීඩා විදින දූෂණ විරෝධී ජනතාව විමසා සිටිති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article