spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව පරණ නැව යකඩබඩු කඩේට…?

Must read

මීගමුව මුහුදේ මීට දශක 3 ක ට පමණ ඉහතදි ගල් පරයක සිරවිම හේතුවෙන් අතරහැර දැමුණ නැව පසුව මීගමුවේ ධීවරයන් හට ඉමහත් ප්‍රයෝජනයක් සහිත එකක් බවට පත්විය.

ගිලුන නැව අසල මාළු ගැවසිම වැඩිවිය.එය ධීවරයන්ට සිය ගම්බිම් වලට එන මග සලකුණු පෙන්වා දෙන අධාරකයක් දි විය.නැව සිරවි ඇත්තේ ගල්පරයකය.තරමක් ගැඹුර තැනක් විම නිසා ධීවරයන්ට ඒ අසලින් සිය යත්‍රා පැදවිම වඩාත් ආරක්ෂිතවිය.

දැන් මේ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවෙක් මේ නැව යකඩවලට විකිණිමට සුදානම් ඇතිබවට රාවයක් දැන් මීගමුවේ ධිවරයන් අතර පැතිර යන්නට පටන් ගෙන ඇත.

යකඩවලවාසිය තකා මෙය ඉදිරියේදි සිදුවන්නේ නම් එය මුළු මීගමුවේ ධිවර ප්‍රජාවට සිදුවන මරුපහරකැයි නමහෙළි කිරිමට අකැමැති වු ධීවර නායකයෙකු පවසා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article