spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලට ඇයි කුඩම්මාගේ සැලකිලි…?

Must read

මීගමුව රෝහලේ භූගෝලීය පිහිටිම ඉතාමත් සුවිශේෂිය. නිදහස් වෙළද කලාපය,ජාත්‍යන්තර ගුවන් තොටුපල, සංචාරක කලාපය,ධිවර වරාය සහ ප්‍රධානතම ධිවර මධ්‍යස්ථානයක් විම ආදි සියල්ල ගෙන බැලු විට එහි ඇති සුවිශේෂිත්වය ඉතා පැහැදිලිය.
එහෙත් අවාසනාව වන්නේ කිසිවෙකුගේ අවධානයකට එය ලක් නොවි තිබිමය.


මිගමුව රෝහල සමිප දුරකින් සිටින ප්‍රබල දේශපාලන චරිත 2 කකි.ඉන් එක් අයෙකු බැසිල් රාජපක්ෂගේ සමිපතමයෙකු වන නිමල් ලංසාය. අනික් අය නම් කොරෝනා පාලනයද භාරව සිටින විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේය.
එහෙත් මේ කිසිවෙකුගේවත් ප්‍රධාන අවධානයක් මිගමු රෝහල වෙත යොමුව ඇති බවක් නොපෙනේ .
අනික් බරපතලම ආවාසනාව වන්නේ මිගමුව රෝහලට එන අධ්‍යක්ෂකවරුන් සහ වරියන් පිළිබද ප්‍රශ්ණයයි. මිගමුවේ මේ අයට තාවකාලික නවාතැන් පළකි.


ඒ ඔවුන්ගේ උසස්විම් සදහා යනතෙක් ලගින අම්බලම වැනිය. ඒ නිසාම ඒ අය ලොකු වැඩවලට සැලසුම් වලට අතනොතබති.
කෙසේ වෙතත් කොරෝනා ඇමතිණිය මේ දිනවල රෝහල් ගණනාවක් කරා විමසුම් චාරිකා ගොස් තිබුණද මිගමුව ඇයට අමතකදැයි යන ප්‍රශ්ණ මේ වන විට මතුව තිබේ.



මිගමුව පාලනය කරන කලු සල්ලි පවුල් වලට නම් මිගමුව රෝහල වැදගත් නැත.ඒ අයට යාම සදහා ලංකාවේ සුපිරි රෝහල් එමටය. එසේත් නැතිනම් ඕස්ට්‍රේලියාවට පවා ඔවුන්ට යාමට පුලුවන.

යන එන මං නැතිව සිටින්නේ මිගමුවේ සහ අවට ජනයාය. එක අතකින් ඒ ජනයාටද කිමට ඇත්තේ හොද වැඩේ යැයි කියාය.මන්ද තමන්ට ඇති එකම රෝහල ලෙස එය දියුණු කරගැනිම සදහා හඩ නගන්නට මිගමුවේ ජනයාද මුලිකත්වයක් නොගැනිමට නිසාය.
කෙසේ වෙතත් කොරෝනා උත්සන්න වෙමින් යන මේ අවස්ථාවේ අඩුපාඩු සහිත රෝහලක වෙසෙන ජනතාවක් බවට පත්විමට සිදුවිම ගැන දැන්වත් ගැඹුරින් කල්පනා කර බැලිය යුතුව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article