spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ අළුත් මෘතශරිරාගාරය හදනවට විරුද්ධ අය කව්ද ?

Must read

motury-1මීගමුව රෝහල තුල ඇති මෘත ශරිරාගාරයේ ගැටළු රැසකි. එය ඉතා පරණ එකකි. එබැවින් අනිවාර්යෙන් අළුත් මෘතාශරිරාගාරයක් පිහිටුවිය යුතුව තිබේ.
ඒ සදහා මේ වන විට මුදලක්ද ලැබි තිබේ.සැලැස්මක්ද ඇත.එහෙත් මේ සියල්ල තිබියදි දැන් ඒ සදහා යම් පමාවක් සිදුවෙමින් තිබේ.එයට හේතුව වි ඇත්තේ මෘත ශරිරාගාරය හැදිමට යන ප්‍රදේශය අවට වෙසෙන පවුලක් කිපයක් පමණක් මෙයට විරෝධය පළකොට තිබිමය.

මේ නිසාම මිගමුවේ නගරාධිපතිවරයාද දැන් මේ සම්බන්ධයෙන් මැදිහත්ව ඇති බැව් සැලය.ඒ  ඇයිදැයි අප නොදනිමු.
යම් කිසි හෙයකින් මෘත ශරිරාගාරයේ කටයුතු මේ මුදලින් ආරම්භ කිරිමට නොහැකි වන්නේ නම් ඒ මුදල් යළිත් මිගමුවට නොලැබි යනු ඇත.
ඇත්ත වශයෙන්ම දැන් මතුව ඇති ගැටළුව වන්නේ රෝහල අවට සිටින ඇතැම් කොටස් රෝහල් තාප්පයටම අල්ලා සිය නිවෙස් හදාගෙන ඇති බවටද චෝදනා තිබේ.
කෙසේ වෙතත් මේ මෘත ශරිරාගාරය කඩිනමින් ඉදිකිරිමේ අවශ්‍යතාවය කිසිසේත්ම බැහැර කළ හැක්කක් නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article