spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ කාර්‍යමණ්ඩලයද ගොදුරු කර ගනිමින් ඩෙංගු වසංගතය ගම් දනව් සිසාරා පැතිර යයි.

Must read

14527328371_f8d2c4313c_z-629x418(11.41am) මීගමුව , අක්කර පනහ , දළුපත- සමඟි මාවත යන ප්‍රදේශවල පැතිර පවතින ඩෙංගු රෝගය නිසා මේවනවිට මීගමුව රෝහලේ 7 දෙනෙකු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද වනවිට රෝහලේ සිටින රෝගීන් සංඛ්‍යාව 95කි. 3, 4, 19, 20 යන වාට්ටු වල සහ ඩෙංගු ඒකකයේ මුළු අැඳන් සංඛ්‍යාව 17 කි. හදිසි ඒකකයේ 5කි. මෙම ස්ථාන දෙකේම ඇඳන් තවමත් හිස්ව නැත.එමෙන්ම ළමා වාට්ටුවේ 8 , 15 යන වාට්ටු වලින් ද රෝගීන් එකතුවේ.

රෝගීන් වැඩිදෙනකු මියයාමට ප්‍රධාන හේතුව අනවබෝධය බව රෝහල් ආරංචිමාර්ග පවස⁣යි.

ඒ අනුව ප්‍රතිකාර ගැනීම මෙන්ම රෝගය නොසලකා කටයුතු කිරීම ආදී කරුණු මෙහිදී ප්‍රධාන වේ. මියගිය 7 දෙනා පිළිබඳව විමසා බලනවිට පැහැදිළි වන්නේද එම තත්වයයි. දිවුලපිටිය ඩෙංගු රෝගය වැලඳුනු රෝගියා අකරගම රෝහලේ ප්‍රතිකාර ගැනීමෙන් පසුව නිවසේදී ඒගැන නොසලකා කටයුතු කිරීමෙන් නැවත උත්සන්නවීමෙන් පසු නවලෝක රෝහලටත්, ඉන්පසු මීගමුව මහරෝහලටත් පැමිණ ඇත . තවත් රෝගියකු දිගටම ඇස්ප්‍රින් ගෙන ඇත .මේ ආදී වශයෙන් වූ විවිධ ගැටළු සහගත තත්වයන් මේ අයගේ මරණයට හේතුවී ඇත .

දළුපත , සුදුවැල්ල ප්‍රදේශයේ ඩෙංගු රෝගියෙකු රෝගය උත්සන්න වනතෙක් සිට පසුව ප්‍රතිකාර ගැනීමට යොමුවීම තුළ එය මියයාමට හේතුවී ඇත.

මේ සඳහා පැය 18කට පෙර NS 1 පරීක්ෂණය කර ගැනීම , උණ සෑදී පැය 24 ක් තුළ සම්පූර්ණ ලේ පරීක්ෂාවක් කර ගැනීම ආදී පිළිපැදිය යුතු උපදෙස් කිහිපයක් ගැන වෛද්‍යවරු දක්වා සිටින අතර මෙම තත්වයන් ගැන අවධානයෙන් සිටීම අවධාරණය කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article