…
මීගමුව දිස්ත්‍රික් රෝහලේ , අධ්‍යක්ෂකවරියට අද (27/04/2026) දහවලදී දුරකථන ඇමතුමක් ලැබී තිබු අතර එම දුරකථන ඇමතුමෙන් දැනුම් දී ඇත්තේ ,මීගමුව රෝහලේ බෝම්බයක් ඇති බවය.
ඉන් අනතුරුව මේ පිළිබඳව ,පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු , මේ වන විට ( වෙලාව – පස්වරු 3.30 ) මීගමුව රෝහලේ වාට්ටු මෙන්ම වෙනත් ස්ථානයන් සහ රෝහලට පැමිණි සහ රෝහල් භූමියේ නවතා ඇති රථ වාහන ද මේ වනවිට විශේෂ පරීක්ෂා කිරීමක් සිදු වන බව වාර්තා වේ. මේ කාර්යය සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ හමුදා නිලධාරින් කණ්ඩායමක් රෝහලට පැමිණ මෙම පරීක්ෂා කිරීම් වල නිරත වන බවද වැඩිදුරටත් වාර්තාවේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ උසස් පොලිස් නිලධාරියෙකු මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම නිසා, එය හේතුවක් කර ගනිමින් යම් තැනැත්තෙකු හෝ යම් කණ්ඩායමක්, අනියත බියක් ඇති කිරීම සඳහා මෙලෙස රෝහල තුළ බෝම්බ බියක් ඇති කිරීමට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි.
කෙසේ වුවද වැඩිදුරටත් වාර්තා වූයේ විශේෂයෙන්ම මීගමුව රෝහලේ අංක 07 සහ 08 යන වාට්ටු , ද ඇතුළු සමස්ත වාට්ටු මේ අවස්ථාව වන විට දැඩි පරීක්ෂාවකට ලක්වන බවයි.
කෙසේ වෙතත්, මෙතෙක් කරන ලද පරීක්ෂා කිරීම් වලදී මීගමුව රෝහලෙන් කිසිදු සැක කටයුතු දෙයක් , සොයාගෙන නොමැති බවද වැඩිදුරටත් වාර්තා වුණි.











