spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් දිනපතා රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්..

Must read

මේ දිනවල මීගමුව මහ රෝහලේ ඇත්තේ විශාල තදබදයකි.වෙනත් රෝගීතත්වයන්ට අමතරව විශේෂයෙන් රටපුරා පැතිරයන ඩෙංගු නිසාවෙන් මීගමු රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. ප්‍රදේශයේ ඩෙංගු රෝගය සදහා හොදම රෝහල ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබිමත් නිසා  වැඩි රෝගීන් ප්‍රමාණයක් මීගමුව වෙත පැමිණෙති
දිනෙන් දින රෝගීන් වැඩි වූවත් වෛද්‍යවරුන් හෝ හෙදියන් හෝ අනෙක් සහයක කාර්‍යමණ්ඩලයේ වැඩිවීමක් මේ වන තෙක් සිදුවී නොමැති නිසා එම පිරිස මේ වන විට මීගමුව රෝහලතුල සිදුකරන කාර්‍යය ඉතා ඉහලින්  අගය කල යුතුව තිබේ.
එලෙසම ඒ ආකාරයෙන් තවත් අගය කල යුතු කාර්යයක් වන්නේ   වෛද්‍යවරුන් විසින් මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේදී දිනපතාම සංවිධානය කරනු ලබන දැනුවත් කිරිමේ වැඩසටහන්ය.
රොගීන්ගේන පිරී ඇති බාහිර රෝගී අංශයේදී වෛද්‍යවරුන් විවිධ මාතෘකාවන් ඔස්සේ රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහනක නිරත වන ආකාරය අද දක්නට ලැබිණි
ඒ අතරින් වෛද්‍යවරුන්ගේ වැඩි අවධානය යොමුවී තිබුණේ ඩෙංගු රෝගය පිලිබදව ජනතාව දැනුවත් කිරීම සම්බන්දයෙනි. වෛද්‍යවරුන්ගේ මෙම උත්සහය අගයකල යුතු හා කාලෝචිත උත්සහයක් බව අපගේ හැගීමයි.
පහතින් දැක්වෙන්නේ වෛද්‍යවරුන් විසින් ලබා දුන් පත්‍රිකා කිහිපයකි.

dengue 1

dengue3

dengu2

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article