spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ශා.ජෝශප් විදුහලේ දැවැන්ත මුදල් වංචාවක් ? පාසැල් කමිටුවේ හදිසි රැස්විමක් ?

Must read

3monkeys-and-moneyමීගමුව කඩොල් කැලේ පිහිටි ශා.ජෝශප් විදුහලේ සිදුව ඇතැයි කියන දැවැන්ත මුදල් වංචාවක් පිලිබදව කලබලයටත් කළකිරිමටත් පත්ව සිටින දෙමව්පියන්ගෙන් සැදුම්ලත් කමිටුවක් අද සවස තිරාණාත්මක රැස්විමක් සංවිධානය කර ඇති බව මීපුරට වාර්ථා වේ.
මෙහි මුලික අරමුණ වි ඇතැයි පැවැසෙන්නේ පාසැලේ විදුහල්පති පියතුමන්ලා කිපදෙනෙකුගේ ධුර කාලයන්ට අදාලව සිදුව ඇතැයි කියන දැවැන්ත මුල්‍ය වංචා කිපයක් ගැන හැකි ඉක්මනින් කොළඹ රදගුරුතුමන්ව හමුවිමටය.
කෙසේ වෙතත් මීට වසර කිපයකට ඉහතදි මේ පාසැලෙන් සමුගෙන යන්නට සිටි විදුහල්පති පියතුමාට මෝටර් රථයක් තෑග්ගක් ලෙසින් ලාබදිමට පාසැලේ දරුවන්ගෙන් මුදල් එකතුකිරිමක් පිළිබදව මිපුර වෙබ් අඩවිය විසින් හෙළිදරව් කිරිමෙන් පසු එකි සමුදිමේ උත්සවය මෙන්ම දෙන්නට සිටි තෑග්ගද වෙනස්ව ගියා පමණක් නොව කාර්දිනල් තුමන් විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියන්නට යෙදුනේ සමුගෙන යන කිසිදු පියතුමෙකු වෙනුවෙන් තෑගි ලබාදිමට කටයුතු සංවිධානය නොකළ යුතු බවය.මෙය කතෝලික නිල පුවත්පතේ මුල්පිටු පුවතක්ද වි තිබුණි.
ශා.ජෝශප් විදුහලේ මේ සිදුවිමට පෙර මීගමුව ලොයලා විදුහලේන් සමුගත් විදුහල්පති පියතුමාට ඒ පාසැල විසින් තෑග්ගක් ලෙසින් සුපිරි ගණයේ මෝටර් රථයක් ලබා දි තිබුණි.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article